SOS ළමා ගම්මාන

මම කලින් ලිපියක සඳහන් කළා SOS ළමා ගම්මාන ගැන වෙනම ලිපියක් පළ කරනවාය කියා. මේ ඒ පොරොන්දුව ඉෂ්ඨ කිරීමක්.

කාර්යාලය පිහිටා ඇති ගොඩනැගිල්ල

කාර්යාලය පිහිටා ඇති ගොඩනැගිල්ල

ලංකාව පුරා ස්ථාන කිහිපයක ම SOS ළමා ගම්මාන පිහිටා තියෙනවා. ඒ නගර නම් කැස්බෑව, අනුරාධපුර, මොණරාගල, නුවරඑළිය හා ගාල්ලයි. මේ හැම එකකම ඉන්නෙ අනාථ දරුවන්. ඒත් මේ ළමා ගම්මානවල අනෙක් අනාථ නිවාස හා සසඳන කළ ලොකු වෙනසක් තියෙනවා.

පරිගණකාගාරය පිහිටා ඇති ගොඩනැගිල්ල

පරිගණකාගාරය පිහිටා ඇති ගොඩනැගිල්ල

මේ හැම ළමා ගම්මානයකම ගෙවල් පිහිටා තියෙනවා. මේ හැම ගෙයකටම SOS ආයතනය විසින් පත් කරන ලද අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මටයි අර වගේ අනාථ ළමුන් කිහිප දෙනෙක් බාර දෙන්නේ ඒ දරුවන් හැදෙන්නේ සාමාන්‍ය ගෙදරක ඇති දැඩි වන ආකාරයටයි.

නිවාස අවට රුක්ලතා වලින් පිරි සුන්දර පරිසරය

නිවාස අවට රුක්ලතා වලින් පිරි සුන්දර පරිසරය

මේ දරුවන් ට සාමාන්‍ය මධ්‍යම පන්තියේ නිවසක ඇතිදැඩි වන දරුවන්ට වඩා පහසුකම් රැසක් ලැබෙනවා. සෑම විෂයන්ටම අමතර ඉගැන්වීම් මෙන්ම පරිගණක භාවිතය, නැටුම්, සංගීතය වැනි නොයෙකුත් බාහිර විෂයයන් සඳහා දරුවන්ට අමතර පන්ති පැවැත්වෙනවා.

අනුරාධපුර ළමා ගම්මානයේ දරුවන්

අනුරාධපුර ළමා ගම්මානයේ දරුවන්

මේ ළමා ගම්මානවල දරුවනට පරිගණක භාවිතය උගන්වන්නේ අපේ ආයතනය මඟින්. ඒ සඳහා හැම ළමා ගම්මානයකම අපේ ආයතනයෙන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. මාස කිහිපයකට වරක් එම ළමා ගම්මානවලට ගොස් ඒ දරුවන් හා කතාබහ කර අඩුපාඩු සොයා බැලීම අපේ ආයතනයෙන් වන කටයුත්තක්. ඒ සඳහා යි පසුගිය දිනෙක අපි අනුරාධපුර ළමා ගම්මානය ට ගියේ.

නොයෙක් වර්ණ යෙදීමෙන් ගෘහ නිර්මාන ශිල්පය ද මැනවින් භාවිතා කර ඇති සෑම ළමා ගම්මානයකම බොහෝ රුක් රෝපනය කිරීමෙන් පරිසර හිතකාමී ආයතනයක් බවට ද මෙම ආයතනය පත් ව ඇත.

පළමු පෝස්ටරය

පළමු පෝස්ටරය

ඉහත හා පහත දැක්වෙන්නේ අනුරාධපුර ළමා ගම්මානයේ කාර්‍යාලය පිහිටා ඇති ගොඩනැඟිල්ලේ එල්වා තිබූ පෝස්ටර් දෙකකි පළමුවැන්නෙන් කියවෙන්නේ Home + Family + War + Fun = Childhood යන්න වන අතර දෙවැන්නෙන් කියවෙන්නේ Water + Food + Hunger + Medicine = Health යන්නයි.

දෙවන පෝස්ටරය

දෙවන පෝස්ටරය

අවසානයේ ඇති ප්‍රශ්ණයෙන් මේ සමීකරණයේ අදාලත්වය විමසීමට ලක් කෙරේ.

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

7 Responses to SOS ළමා ගම්මාන

  1. දුමී says:

    මම හිතන්නෙ ආදරය සහ රැකවරණය ඔය සමීකරණයට එකතු විය යුතුයි.

    • kumudupinto says:

      අපට අපේ ළමා කාලවල යුද්ධය අත්දැකීමක් නොවුනාට මායිම් ගම්මානවල දරුවන් ගැන සැලකීමේදී මෙහි ඇත්තක් තියෙන්න පුළුවන්.

      • lankeshwara says:

        මම නම් හිතන්නෙ මෙතන (war) කියන්නෙ ලමා කාලයේදී ගෙදරක අනිත් සහෝදර සහෝදරියො එක්ක පවතින සොඳුරු බැඳීම් වලින් එකක්. අපි පොඩි කාලෙදිත් අපේ ගෙදර ඕන තරම් “යුද්ධ”(wars) තිබුන.

    • මේ පෝස්ටර් ලංකාවෙ ගහපුවා නෙවෙයි. ලංකාව පමණක් පාදක කරගත් ආයතනයකුත් නෙවෙයි (ලෝකයේ රටවල් 132ක තියෙනව). ඒ නිසා මේ පෝස්ටර් පොදුවේ හැම රටකටම ඔබින විදිහට ගහපුවා.

  2. “මේ දරුවන් ට සාමාන්‍ය මධ්‍යම පන්තියේ නිවසක ඇතිදැඩි වන දරුවන්ට වඩා පහසුකම් රැසක් ලැබෙනවා.”
    ඒ වුනාට ඒ පහසුකම් වලින් නිසි ප්‍රයෝජන ගන්නේ මෙතන ඉන්නා ළමුන්ගෙන් බොහෝ කුඩා ප්‍රමාණයකි. මම හිතන්නෙ ඒ අපේ තියෙන සමාජ සංස්කෘතික වෙනස වෙන්න ඇති.

    • kumudupinto says:

      ඇත්තම ඇත්ත. දැන් බලන්න අපට අධ්‍යාපනය ලැබෙන්නෙ නොමිලයේ. සෞඛ්‍ය පහසුකම් නොමිලයේ. රජයේ විශ්ව විද්‍යාලයකට ගියොත් ඒ අධ්‍යාපනයත් නොමිලයේ වගෙ තමයි. ඒත් අපි කීයෙන් කී දෙනා ද මේ පහසුකම්වලින් නිසි ප්‍රයෝජන්න ලබා ගන්නෙ ? ලබා ගත්හත් ආයෙත් ආපහු ඒවා ගෙවන ක්‍රමයක් ගැන හිතන්නෙ ? අපේ කොයි කුලකය ගත්තත් ඔය ප්‍රශ්ණය නම් තියෙනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s