පුනරුත්පත්තිය පිළිබඳ අපූරු චිත්‍රපටයක්

දිගටම මගෙ ලිපිවලට ප්‍රතිචාර දක්වමින් හිටි දුෂී ඊයෙ අපේ ගෙදර ආවා එයාගෙ මස්සිනා පොඩ්ඩ එක්ක. දුෂිත් එයාගෙ නංගිත් මස්සිනාත් කියන තුන්දෙනා ම මගෙ ගෝලයො. රෑ අටහමාරට විතර ඒ ගොල්ලො ආවෙ මට වටිනා තෑග්ගකුත් අරගෙන. කතා කර කර හිටිය. වෙලාව යනව දැනුනෙ නෑ. යනකොට මහ රෑ දොළහමාරට විතර ඇති. ඒ කතාවෙදි ඇදිල ආව ඒ කාලෙ මං රහ කර කර කියූ මේ චිත්‍රපට කතාව. ඒ හන්ද මං හිතුව ඒ විස්තරයත් දැන්න ඕනෙ කියල.

කතාවෙ නම “Audrey Rose”. ඒකෙ හැටියට එක ඉන්දියානුවෙක් එයාගෙ මැරුණු දුවගෙ පුනරුත්පත්තිය හොයමින් යනවා. දුව මැරෙන්නෙ අම්මත් එක්ක කාරයෙ යද්දි රිය අනතුරකින්. අම්ම එතැනම මිය යනවා රියදුරු අසුනේ සිටියදීම. කාරය ගිනි ගන්නවා. ඇතුලෙ හිර වී හිටි දුව කාරය තුළ බේරා ගන්න යැයි කෑ ගසමින් ම මරණයට පත් වන්නෙ අවට කිසිවකු නැති කමින්. දුවගෙ නම තමයි Audrey Rose කියන්නෙ.

දුව අර වයසට එනකොට දුවට අමුතු අසනීපයක් හැදෙනවා. හිටි හැටියේ බිය වී සිහි විකල් වී මහ හඬින් “බේරා ගන්න” යැයි කෑ ගැසීම. මේ අතර අර තම දුවගේ පුනරුත්පත්තිය සොයන පියාට ඔවුන් මුණ ගැසෙනවා. මේ පියා දුවට අර අසනීපය සෑදී උග්‍ර වූ අවස්ථාවක ඇයට Audrey Rose යැයි කතා කළ විගසම ඇය සුවපත් වූ බැවින් ඒ තම දුව යැයි සැකයක් නොමැතිව ම හඳුනා ගන්නවා. පියා Audrey Rose ගේ දෙමාපියන්ට කියන කතාව ඔවුන් පිළි ගන්නේ නෑ. ඔවුන් පොලීසියට කළ පැමිණිල්ලකින් පසු පියාට දුව බැලීම තහනම් වෙනවා.

මේ රෝගයට බෙහෙත් නොමැති වීම නිසා එක් වෛද්‍යවරයෙක් ඇයව මෝහනය කළ යුතු යැයි යෝජනා කරනවා. වීදුරු කුටියක් තුළ ඇය ව මෝහනය කළ අතර එහිදී ඒ මෝහනයේ ප්‍රතිඵලයක් හැටියට ඇයට නැවතත් අර රෝගය සෑදී එය උත්සන්න වෙනවා. ඒ අවස්ථාවේදී Audrey Rose යැයි පවසා ඇයව සුව කළ හැකි නමුදු වෛද්‍යවරයා එය නොදන්නා බැවින් ඇය මරණයට පත් වෙනවා. දෙමාපියන්ගේ ඇස් ඇරෙන්නේ එවිටයි. ඇයගේ සිරුර භූමදාන කරනවා වෙනුවට අර පියා විශේෂ අවසරයක් මත එය ආදාහනය කරනවා.

මේ මා නරඹා ඇති පුනරුත්පතිය පිළිබඳ සුවිශේෂ වූ චිත්‍රපට දෙකෙන් එකක්. අනෙක ගැනත් ඉඩ ලද විගස කියන්නම්.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

16 Responses to පුනරුත්පත්තිය පිළිබඳ අපූරු චිත්‍රපටයක්

  1. nnnnnn says:

    nnnnnnn

  2. ඔව්, සෑහෙන්න පරණ වගේම බොහොම වෙනස් හොඳ චිත්‍රපටයක්

  3. S Perera says:

    No doubt you, every body else, are sure the story is a fiction. I can understand, If you like it due to the cinematography of the film . Since you have not explained any thing to that effect, I presume you are carried away with the story. What I can ‘t understand is , what is so special in this story ?

    Yes, I can understand, there are a type of people who get fascinated , truly believe in this type of reincarnation stories. The sinhala newspapers in this country, Divina, Lankadeepa, Dinamina, etc, exist because of these stories and believers. In most cases the originators and propagators(newspapers ) of these stories do it just to earn money. There are numerous examples that fraudsters swindled money from ” true believers “using these stories and incidents.

    I feel really pity for those believers,in this 21 st Century, with so much advancement in Science and Knowledge. Does the belief help you in your life ? Can you or any of this blog clarify?

    • kumudupinto says:

      When someone says I love so and so, then how can anybody else say how can you love that person ? Science cannot limit or even define the meaning of Love, Desire and Hate. What I said was I like that film. When someone says I like a film that may be due to so many reasons. On the other hand if you try to rationalize everything around you, one day you will be really sorry for that. When somebody says I like something, it is pity that somebody else guess his/her beliefs. Other than the documentaries all the other films, novels, TV shows, songs all are fiction. When even the life seems somewhat like fiction how do you avoid fiction ?

      Try to find out the Book “බුදු දහම ආගම හා විද්‍යාව සමඟ සම විසම වන අයුරු” written by a famous engineer R. G. De S. Wettimuni. It clearly explain what Science is.

      I have explained my feelings, what I think on many films dramas and novels. When I express such things, I used to brief the story as well. Don’t be panic on such things. You may believe one thing and I can believe something else which can be totally different. Since Science could not reveal so many things and since Science keep on changing the definitions given earlier, still people are free to believe, love or hate anything they wish.

      Remember that even in this 21st Century all the religions exist not only in Sri Lanka, but also in USA, Europe and Australia.

    • Fiqri says:

      You don’t have to die to explain reincarnation also you don’t need science to explain it. Imagine you were born as a baby and played as a child and grown as a boy/girl and married as a man/woman and die as an old man/old woman.

      You have already followed almost 5 steps of reincarnation.

      If you think science can explain everything you gotta be kidding🙂 …

    • Wathsala Vithanage says:

      @S Perera “I feel really pity for those believers,in this 21 st Century, with so much advancement in Science and Knowledge”, what Science and Knowledge you are referring to? is this 8th grade science you talking about? Yes with the old Newtonian systems you are correct and that was before 19th century. Science and Knowledge in the 21st century has no explanations to this phenomena but at least it is open to such ideas and seek explanations more than ever before.

  4. අමිල says:

    හොයල බලන්න ඕනේ මේ චිත්‍රපටිය. ඔත්තුව දුන්නට ස්තුතියි.

  5. දුමී says:

    1995 වර්ෂයේදී කුමුදු සර්ගේ පරිගණක පන්තියේදී සර් මේ චිත්‍රපටිය සම්භන්දයෙන් අපගේ අවධානය යොමුකලේ, මනෝ විද්‍යාව සම්දන්ධව සහ මෝහනය සම්භන්ධව ඇති වූ කතිකාවක් තුලයි. විෂය පථයට අමතරව අපගේ දැනුම වෙනත් මානයන් කරා යොමු කලා සහ අපව සැමවිටම අළුත් දෙයක් අළුත් විදහට හිතන්න පතන්න පුරුදු කලා. ආදරණීය පින්තු සර්ව අවුරුදු දාහතරකට පස්සෙ ඊයේ රාත්‍රියේ මුන ගැසුනා. අතිශයින්ම සුන්දර වූ ඊයේ රාත්‍රියේ ඔබ තුමා සමහ අල්ලාප සල්ලාපයේ සහ අතීත ආවර්ජණයේ යෙදී උන් ඒ හෝරා තුන හතර ජීවිතයට අළුතෙන් ගොඩක් දේවල් එකතු කරා වෙනදා මෙන්ම.

    අපට සුපුරුදුව තිබූ ඔබගේ ප්‍රථාපවත් සහ ජව සම්පන්න බව ජීවිතයේ සැඳෑ සමය හමුවේ වියැකී යමින් තිබුනද ඔබගේ අදහස්, සමාජය දැකීමේ විතීක්ශණ බව, බුදු දහම සම්භන්ධව ඔබගේ දැකීම උච්චතම ස්ථානයකට පත්වෙලා.

    ඊයේ ඔබ තුමන් සඳහන් කලාක් මෙන් විද්‍යාවයයි සිතා අවිද්‍යාව බදාගත් පෘතග්ඥණයන් ඔබ මෙහි පලකරන මේ සීමිත අදහස් තුලින් ඔබ වටහා නොගන්නවා ඇති.

    අප ඔබෙන් ආදරයෙන් සහ ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ ඉතා වටිනා අදහස් සහ ඉගැන්වීම් තව දුරටත් සැම දෙනා සමග බෙදා හදා ගන්න ලෙසයි. කෙදිනක හෝ ඔබ කවුදැයි සියල්ලෝම වටහා ගනු ඇති.

    මගේ ආදරණීය ගුරුත්මාණනි ඔබට දීඝායු වේවා !

    දුමී

    • kumudupinto says:

      මනෝ විද්‍යාවේදී අනෙකෙකුගේ හිත සමඟ යමක් කිරීම ඉතා පරෙස්සමෙන් කළ යුතු දෙයක් බව ඉගැන්වෙන අතර මෝහනයේදී යමෙකූ ගේ සිත අතීතයට ගෙන යෑමේදී හමුවන සංවේදී ස්ථාන පසු කිරීම ඉතා පරෙස්සමෙන් කළ යුතු දෙයක් බව උගන්වනවා. ඒ පාඩම මේ චිත්‍රපටයෙන් අපූරුවට ඉදිරිපත් කෙරුණා.

  6. මුදිතා says:

    This comment is not related to this post. But I have to say this. Sir, when you are happy and energetic, it is visible in your posts and comments. When you are not well and weak, it is too visible in your posts. Today I saw a post filled with energy after several days.😀

    • kumudupinto says:

      Thank you for the observation. You are correct. And someway or other I have to find out a strong personal reason to exist.

  7. Asanga says:

    It was a really nice time we had with you yesterday, sir. As I believe, remembering the beautiful moments of the past and sharing your knowledge with us energized our minds to a considerable extent. Thank you, sir.

  8. ‍අර වෛද්‍ය වරයා අත් අඩංගුවට ගන්න තියෙන්නෙ. මිනී මැරැමක් එයා කලේ………….

    • kumudupinto says:

      මගේ විස්තර කිරීම කියවීමෙන් නවතින්නෙ නැතුව චිත්‍රපටය බලාවි යැයි මං හිහනවා.

  9. අමිල says:

    දැන් මොනවා කරන්නද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s