ජය ගත යුතු බාධක

මෙයට සුළු වේලාවකට පෙර මට අහන්නට ලැබුණු ඉතා කටුක ආරංචිවලින් එකකින් මම හොඳටෝම කැළඹුණා. ඒ කැළඹීම හා කලකිරීම කොච්චරද කියනව නම් ඒ සිදුවීම විස්තර කරන්න ලිපියකුත් පළ කළා. කේන්තිය හන්දම එක තැනක මාස 9ක පූර්ණකාලීන ඩිප්ලෝමාවක් කියනවා වෙනුවට වසර 9ක පූර්ණකාලීන ඩිප්ලෝමාවක් කියල වචනත් වරද්දගෙන.

ඒත් කාර්යාලයේ සිට නිවස බලා එද්දි මට වැටහුණා නෑයො කියන්නෙත් ගෝලයො කියන්නෙත් අපේ කර්ම බව. අපට කලකිරීම එන්නෙත් ක්ලේශයන් ඇවිස්සෙන්නෙත් ඒ අය හන්දා. ඒවා ඇවිස්සෙන්න ඇවිස්සෙන්න අපි අපේ සංසාරය දික් කර ගන්නවා. අනෙක් අතට අප තුළ ඇවිස්සෙන්න දෙයක් නැති වුණහම ඔය සිද්ධිත් ඉවර වේවි. ඒ හන්ද ගෙදර ආ විගස මං අර ලිපිය මකා දැම්මා.

නෑයො හන්ද ඇති වූ බැඳීම් ගෝලයො හන්ද ඇති වූ බැඳීම් එකම ඉස්කෝලෙ හන්ද ඇති වූ බැඳීම් කියන මේ ඔක්කෝම බැඳීම් නැති කර ගත යුතු දුරින්ම දුරු කළ යුතු ඇසුරු නොකළ යුතු බැඳීම් බව් තේරුම් ගත්තා.

මගෙ අප්පොච්චියේ. ඊළඟ ඡේදය ලියන්න මං වාක්‍ය දහ පහළොවක් ම මකා දැම්මා. අනුන්ට හිත් කරදර නොදී ජීවත් වෙන්න උත්සාහ කරන එක ලේසි සෙල්ලමක් හෙම නොවන බවත් මේ ටිකට තේරුම් ගත්තා.

තමන් ආදරය කරන තමන්ට ආදරය කරන පිරිසක් අඩු ගණනෙ එක් කෙනෙක් හරි ලබන එක මොන තරම් වාසනාවක් ද ?

නිවන කියන්නෙ තැනක් නම් එතන මේ කිසි වාද බේද නැති කොච්චර සාමකාමී තැනක් වෙන්න ඕනෙ ද ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

7 Responses to ජය ගත යුතු බාධක

  1. දුමී says:

    ආදරණීය සර්,

    ටික දවසකින් ලිපියක් පල උනේ නැත්තෙ මොකද කියල හිත හිත තමයි හිටියේ. හිටපු ගමන් දාපු ලියුමෙන් සර් ගොඩක් කැලඹිලා වගේ තමයි පෙනුනේ. මොකද එච්චර ආවේගශීලි ලිපියක් මම මීට කලින් මේ බ්ලොග් එකේ දැක්කෙ නෑ. සර් ඒක ඉවත් කරල දාපු එක හොඳයි . . . !

    ඔය සිද්දිය මම දකින්නෙ මෙහෙම. පියාඹන්න බැරිව වැටිල හිටපු කුරුළු පැටියෙක් අරන් ඌට කන්න බොන්න දීල සනීප කරල ආදරෙන් බලාගෙන ඉඳලා, ඌට පියාඹන්න එපා කිව්වට වැඩක් වෙන්නෙ නැහැ . . . !

    • kumudupinto says:

      ඒත් වසර ගණනක් ගත යුතු දැනුම අවබෝධය අරගෙන එක පාරටම ප්‍රසිද්ධියේ අර වසර ගණනාව ම නාස්ති වුණා කියල ගෝලයෙක් ඥාතියෙක් කියන කොට ඇති වූ හැඟීම . . . කියල වැඩක් නෑ.

  2. totally with u on this…i actually wanted to comment on ur older post…but i was nt sure what 2 say…coz its an inevitable situation wee all find ourselves in at any point of our pathetic lives…”නිවන කියන්නෙ තැනක් නම් එතන මේ කිසි වාද බේද නැති කොච්චර සාමකාමී තැනක් වෙන්න ඕනෙ ද”…not enough wrds 2 explain…..:( ..

  3. ඔබ ඒ ලිපිය ඉවත් කර ගැනීම ගැන මා ඉතා සතුටු වනවා.

  4. සරත් ගුණතුංග says:

    සර්, මේ විඩියෝ පඨය ඇත්ත වශයෙන්ම නිර්වානයට කිය කථාන්තතරයක් නොව ඒහා සමාන වෙනත් ප්‍රදේශයකට ගිය කථාන්තරයනි. නිර්වානයට යන මග ඉතාමත්ම සොඳුරුය. හදිසියේම නිවනට ඇද වැටෙන්නේද නැත. විද්‍යාඥනියක් වූ මේ තැනැත්තිය විද්‍යාවත් සම්ප්‍රාප්ත වූ ස්ථානයත් තෝර බේර ගැනීම පිනිස ඉමහත් සටන්ක් කරනු බවක් හැඟැවෙයි.

    • kumudupinto says:

      නිවනට යන මඟ හැම විටම සොඳුරු බව නම් පිළි ගත නොහැකියි. එක් පසෙක සුඛා පටිපදා හා දුක්ඛා පටිපදා යැයි මං දෙකක් තිබෙන බව සිහියට නැඟෙයි. තවත් විටෙක අප අපමණ කලක් ඇද බැඳගෙන සිටි ක්ලේශයන් ප්‍රහීණය කරද්දී ඒ ක්ලේශයන් අපගේ උත්සාහයට ඉඩ දී පැත්තකට වේ දෝ යැයි සිතෙයි. තවත් පැත්තකින් නිවනට අන මඟ එතරම් සොඳුරු නම් ඒ දැන් දැන් අපෙන් ඉවත් වී ඇත්තේ මන්දැයි සිතෙයි. මේ කරුණෙහිදී නම් ඔබ හා එකඟ විය නොහැකි බව දැනෙයි.

  5. අමිල says:

    ඔබතුමා සංවේදීවැඩියි ද මන්දා. හැම කරුණකටම නැතත් ගෞරවය සම්බන්ධයෙන්. නිවන් මගට ඔබ ලැදිව කටයුතු කරනවා නම් ​මීට වඩා පහරක් දරාගත හැකිය යුතුයි නේද? හැබැයි ඊටත් වඩා ලේසියි තමන් ඉතාම ආත්මාර්ථකාමී උනානම්. ඒ කියන්නේ අනුන්ට යහපත සලසන්න මහන්සිවෙන්නේ නැතිව හිටියානම් ඔබතුමාට තැවීම් ඇති වෙන එකක් නෑ. හැබැයි ගුරුවරයෙකු වශයෙන් , නිතරම සිසුන් යහමග යවන්නකු වශයෙන් ඒ කාරිය කොතරම් සාර්ථක වෙයිද කියන්න අමාරුයි. (සිසුන්ගේ අභ්‍යන්තරය හා වැරදි දකින්න​කු වශයෙන්) Not mere lecturer.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s