ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා හා අධි සංවේදී බව

ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්තය කියන්නෙ අපට හිටි විශිෂ්ඨ ගණයේ බුද්ධිමතෙක්. එතුමා තාරකා විද්‍යාව ගැන වගේම පරිසරය ගැනත් පරිසරය ගැන වගේම සිත සන්සුන් කර ගැනීම ගැනත් ඉතා හොඳින් දන්නා අවබෝධ කළ කෙනෙක්.

වරක් මා එතුමා මුණ ගැසීම සඳහා පාගොඩ පාරේ පිහිටි එතුමාගේ නිවසට ගියා, තාරකා විද්‍යාව ගැන ප්‍රශ්ණ ගණනාවක් රැගෙන. මිදුලේ අසුන් දෙකක එතුමා හා මා වාඩි වී සිටියදී කොහෙකුගේ හඬක් ඇසුණා. එතුමා ඇසුවා ඒ කුරුල්ලා මොකාද යනුවෙන්. මට උත්තර දීගන්න බැරි වුණා. එතුමා කීවේ තාරකා විද්‍යාව ගැන ඉගෙන ගැනීමට පෙර අප අවට පරිසරය ගැන හොඳින් ඉගෙන ගත යුතු බවයි. ඊටත් පසු කාලයකදී යි මට අවබෝධ වුණේ පරිසරය ගැන ඉගෙන ගන්නවාට වඩා තමන් ගැන ඉගෙන ගැනීම වැදගත් බව.

අප අසා ඇති පරිදි එතුමා අධි සංවේදී කෙනෙක්. වරක් තමා කාරය පණ ගැන්වීමට සූදානම් වන විට මිදුල හරහා කුහුඹුවන් පේළියක් ඇදෙනු දුටු එතුමා ඔවුන් හරහා කාරය ගෙන යාමට අකමැති බැවින් පයින් ම පාසලට (එකල ද එතුමා විදුහල්පතිවරයෙක්) ගියා ලු. තවත් වරෙක් තමා විදුහල්පතිව සිටියදී ප්‍රමාද වී පැමිණෙන සිසුන් පිට්ටනියේ දණ ගස්වන බැවින් තමා ප්‍රමාද වී ආ දිනෙක පිට්ටනියේ දණ ගසාගෙන සිටියාලු.

ඇත්තටම අප ජීවත් වන වත්මන් සමාජයේ මේ විදියට අධි සංවේදී වීම ඉතා දැඩි දුක් දනවන්නක් බවයි මා හිතන්නෙ. අධි සංවේදී වීම බොහෝ විට අප අගය කළත් ඒ ඒ පුද්ගලයින් තම අධි සංවේදී බව නිසා විඳින දහසක් කම්කටොළු ගැන ඇත්තටම අපට අවබෝධයක් තිබේ ද ? දැන් දැන් මං හිතන්නෙ නම් කිසිම කෙනෙක් සංවේදී විය යුතුය කියන එක නොකියන්නත් සංවේදී බව අගය නොකරන්නත්. ඒ වගේම අප අවට අය වඩා සංවේදී කරවීමට වෑයම් කරවීමත් ඔවුන් දැඩි දුකකට හෙලීමක් බවයි දැන් මං හිතන්නෙ. හරි ද මන්දා.

This entry was posted in 04. හැඟීම්, සිංහල. Bookmark the permalink.

5 Responses to ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා හා අධි සංවේදී බව

  1. දුමී says:

    ආදරණීය සර්,
    ඉතා වටිනා ලිපියක් වෙනදා වගේම. බෙදා හදා ගත්තාට ස්තුතියි. ඔබ කීවාක් මේන් අධි සංවේදී වූවන් ඉතා ඉක්මනට දුකට පත්වෙනවා. ඔබ කලින් ලිපියක ලියුවාක් මෙන් මේ බ්ලොග් අවකාශයේම කොපමණ අධි සංවේදීන් ඉන්නවද ?

  2. Muditha says:

    මේ ගැන මගේ අදහස කියනවනම්, ස්වභාවයෙන්ම සංවේදී අය එයින් ඈත් වෙලා කටයුතු කරන්න හැදුවොත් හෘද සාක්ෂියෙන් ඒ කෙනාට ජීවිත කාලෙටම දොස් අහන්න වෙයි. සංවේදී බව නිසා අත්විඳින්න වෙන සිත් තැවුල් ගැන මට හොඳින් තේරෙනවා. බොහොම දෙනෙක් ඒ වෙලාවට, ‘ඔයා හිතනවා වැඩියි, ඔච්චර හිතන්න එපා ඔය දේවල් ගැන,’ කියලා හිත හදන්න උත්සාහ කරනවා. ඒත් ඒ වේදනාව වෙන කාටවත් තේරෙන්නේ නෑ. ඒත් සංවේදී බවෙන් ඈත් වෙන්න උත්සාහ කරලා දරදඬුව කටයුතු කරන්න ගිහින් මුළු ජීවිත කාලෙම හෘද සාක්ෂියෙන් දොස් අහ අහ ඉන්න වෙනවට වඩා ඒක හොඳයි කියලා මට හිතෙනවා.

    බුද්ධියට මුල් තැන දීලා දරදඬු තීරණ ගන්න වෙච්ච අවස්ථා වල මම එහෙම නොකර හදවතට මුල් තැන දීලා සංවේදී තීරණ අරගෙන තියනවා. ඒ තීරණ ගන්න ඒ මොහොතේදී කොයි තරම් අමාරු වුණත් මම අද ඒ ගැන හිතන්නේ සතුටින්, ආත්ම තෘප්තියෙන්.

  3. මම හිතන්නෙ මේ දෙස ධනාත්මකව බැලිය යුතුයි. සංවේදීබව වටින දෙයක්.
    කුසලයේ ඇලීමටත් අකුසල්යෙන් වෙන්වීමටත් කුසලයට ඇති සංවේදී වැදගත්.

    ඊ. ඩබ්ලිවි අදිකාරම් තුමා ගැන තමා සතු අධි සංවේදීතාවය යොදා ගත්තේ පොදු යහපතටයි. මේ තුලින් ඔහු රැස්කර ගන්නා ලද කුසලයන්ගේ විපාකයන් මේ වෙනකොටත් ඔහු වින්ඳිනවා ඇති.

  4. Wathsala Vithanage says:

    සමහරකුගේ අධි සංවේදී බව ඇත්තේ දරදඩු කමටයි. මෝටර් රථය ඉදිරියෙන් කුහුඹුවන් ගියොත් මෙවැනි අය කරන්නේ ඊළඟ දවසෙ කුහුඹුවන් ඒපාරෙන් නොයන තැනට වැඩ සැලැස්සවීමයි.🙂 ඔබත් එවැන්නෙක්ද? එවැන්නෙක් නම් පහළින් ප්‍රතිපළිතුරු ලෙස 1 ද නැතිනම් 0 ද යොදන්න.

  5. අපූරුවා says:

    ඇත්තටම ඔබතුමාගේ මේ ලිපියේ අන්තිම ඡේදයේ තියන මුල් වාක්‍යය සමඟ මම සම්පූර්ණයෙන්ම එකඟයි. සංවේදී පුද්ගලයකු වීම දුක් දනවන්නක් විතරක් නෙවෙයි, සමහර විට අන් අය අතර අවඥාවට ලක්වීමටත් හේතුවක්. මොකද වර්තමාන සමාජය සංවේදී බව ඉතා අඩු පිරිසකින් යුක්ත වීම. එහෙම අය අතරේ සංවේදී වීම එක්තරා අතකට පාපයක්…..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s