කාන්තාව ගැන

මේ ළඟකදි අපි කිහිප දෙනෙක් කතාබහක යෙදී හිටියදී මතු වූ කතාවක් ගැනයි මේ කියන්න යන්නෙ. එහිදී එක් කෙනෙක් කිව්වා ඔහුගේ බිරිඳ කියනවාලු ඔහු විවාහ වී ඉන්නේ කම්පියුටරය සමඟ බව. එහිදී මගේ අදහස වුණේ ඇයට එසේ දැනෙනවා නම් එය අනිවාර්යයෙන් ම සැමියාගේ වරදක් වන බව.

කාන්තාවක් බොහෝම කැමතියි තම සැමියා තමාගේම කර ගැනීමට. එතකොට යි අර වාගෙ ප්‍රේම කරන කාලෙ තිබූ ලෙන්ගතුකම සොයා බැලීම සංවේදී බව වාගෙ කාරණා විවාහයෙන් පස්සෙ නැති වෙනකොට කම්පා වෙන්නෙ. කෙනෙක් කම්පා වෙද්දි තව කෙනෙක් සාහසික වෙන්න පුළුවනි. ඒත් ඒ ප්‍රතික්‍රියාව වරදක් නොවන බවයි මගේ මතය.

අර සැමියාගෙන් මම ඇහුව විවාහයෙන් පස්සෙ කී සැරයක් තම බිරිඳට ආදරය ප්‍රකාශ කළා ද කියල – වචනයෙන්. ඔහු කීවෙ එසේ සිදු වී නොමැති බවයි. මා දකින්නෙ ඒක බරපතල වැරැද්දක්. අප නිරතුරුව ආදරය කරන කෙනෙකුට දවසකට සිය පාරක් ආදරය ප්‍රකාශ කළත් මං හිතන්නෙ නම් ඇති වෙන්නෙ නෑ. ඒ වගේමයි තමාට ආදරේ බව දවසකට සිය පාරක් ඇහුවත් ඇති වෙන්නෙ නෑ.

සමහර වෙලාවට වැඩ ඇරී නිවස බලා එන සැමියාට ඇමතුවක් දුන් විට බිරිඳට පවසන්නේ තමා දැන් මඟ ඉන්නා බවයි. ඒත් ටික ටික ඔහු පමා වන විට බිරිඳගේ හිත පත්තු වෙනවා. අර අවස්ථාවේදී තමා ඉන්නා තැන හරියටම පැවසුවා නම් සමහර විට හිත අවුල් කර ගැනීමක් නොවෙන්න පුළුවනි. ඒත් මේ වාගෙ පුංචි පුංචි කාරණා ගැන එතරම් සැලකිල්ලක් නොදැක්වීම නිසා බොහෝ කාන්තාවන්ට සිද්ද වෙන්නෙ හිත තුවාල කර ගන්නයි.

මගෙ පෞද්ගලික මතය නම් මේ වාගෙ අවස්ථා මඟ හරවා ගැනීම සැමියා විසින් කළ යුතු කාරියක් බවයි. හැබැයි පිට්ටනියෙන් පිටත සිට ක්‍රීඩාවක් නරඹන කොට පෙනෙන දේ හා ක්‍රීඩා කරන කොට අත්දකින දේ වෙනස් බව යමෙක් පැවසුවොත් එයට එකඟ වීමට නම් සිද්ද වේවි.

This entry was posted in 10. ප්‍රේමය, සිංහල. Bookmark the permalink.

14 Responses to කාන්තාව ගැන

  1. දුමී says:

    ඔබ කියූ දේට මා එකඟයි. නිතරම වචනයෙන් නොපැවසූවාට අඹු සැමියන්ගේ ප්‍රේමය උනුනුන් වෙත සැමදා සිත තුල පවතිනවා. එය වචනවල පෙරලන්න පුළුවන්නම් තමයි හොඳ. ඒත් මොකක්දෝ හේතුවකට අපි ඒකට මැලි වෙනවා. ඇයි එහෙම වෙන්නෙ ?

  2. බොහොම වැදගත් ලිපියක් ගුරුතුමනි.

  3. මම නම් හිතන්නේ අපි අපේ ජීවිත අනෙකුත් වාණිජමය අවශ්‍යතාවයන් වලින් වසා ගැනීමට සැරසෙන විට අමතක වී යන දෙයක් වගෙයි ආදරය කියන්නේ, ඔබතුමා කියන කතාව ඇත්ත අපි ඉක්මනට basic elements අමතක කරන මිනිස්සු.
    අපි ආදරයක් ප්‍රකාශ කරන්න මැලි වීම මා දකින්නේ නම්, සැකය සහ ෂුවර් නැති බව නිසා කියලයි හිතෙන්නේ…

    • Fiqri says:

      … ඊට වඩා මම දකින්නෙ උවමනා නැති කමයි… ඊට ගොඩක් පස්සෙයි සැකය සහා ෂුවර් නැතිවෙන්නෙ …

      • kumudupinto says:

        මං හිතන්නෙ ඕක “අයිති කර ගත්තා” කියන හැඟීමෙ ප්‍රතිඵලයක්.

        • මේක ආසියාතික රටවල විවාහය කියන සංකල්පයත් එක්ක බැඳුනු දෙයක් හැටියටයි මම තේරුම්ගන්නේ. බටහිර රටවල මේ තත්වය මීට වඩා වෙනස්. කොහොම උනත් පවුල් සංස්ථාවේ පැවැත්ම තහවුරු වෙන්නේ අපේ සංකල්පය තුළ කියලයි මම හිතන්නේ. එහි සංශෝධනයක් මිසක් බටහිර සංකල්පය වැළඳගැනීම අපට ගැළපෙන එකක් නැහැ.

          • kumudupinto says:

            කොහොමත් පවුල කියන සංස්ථාවේ පැවැත්මට බටහිරින් ලොකු සහයෝගයක් නැහැ නෙ. ගැටළුව තියෙන්නෙ අපට අපේ පාරම්පරික ඇවතුම් පැවතුම් පවා අමතක වෙලා ද කියන එකයි.

          • Wathsala Vithanage says:

            ආදරය සහ විවාහය ගැට ගැහුවම වෙන දෙයක් මේක (මට හිතෙන හැටියට). විවාහය කියන්නෙ agreement එකක් ඒකට හොදින් අර්ථ දක්වන ලද boundaries තියෙනව. ආදරය කියන්නෙ boundless එකක්. ඒක හින්ද විවහය ඇතුලෙ කෙනෙක්‍ට ආදරය හොයන්න බැහැ, නමුත් ආදරය ඇතුලෙ විවාහය තියෙන්න පලුවන්. විවාහ වෙලා ඊට පස්සෙ ආදරය හොයගන්නත් පුලුවන්, හැබැයි විවාහය කියන රාමුවෙන් එළියට ඇවිත් (Note: මම මේ කියන්නෙ පරදාර/පුරුෂ සේවනය ගැන නෙමේ ^ මම තවම අවිවාහකයි).

            • dinjaro says:

              වත්සල කියන කාරණාවල මුල් කොටසට මම සම්පූර්නයෙන්ම එකඟයි. විවාහය සහ ආදරය එකිනෙකින් ස්වායත්තයි කියල මට වෙලාවකට හිතෙනවා. විවාහය කියන්නෙත් ආදරය කියන්නෙත් බන්ධන දෙකක්. දෙකෙන්ම වෙන්නේ අපි යම් කිසි දේකට බැඳීමක් ඇතිකර ගැනීමයි. මට පෙනෙන වෙනස නම්, විවාහය කියන්නේ යම් කිසි විනයක් පවත්වාගෙන යෑම සඳහා ඇතිකරගත් නීති පද්ධතියකින් සහ සම්මුතීන් ගොඩකින් අර්ථදක්වන ලද සහ ඒවායින් බැඳුනු ක්‍රියා දාමයක්. එහි ආදරයක් තිබෙන්නත්, නොතිබෙන්නත් පුළුවන්. ආදරයට එහෙම සීමා මායිම්, සම්මුතීන්, නීති පද්ධතීන් නැහැ කියලයි මම හිතන්නෙ. සමහරවිට, වෙනත් කාරණා වලට තිබෙන ප්‍රමුඛත්වය වැඩිවීම නිසා ආදරයක් නැතිවම විවාහයක් පවතින්නත් පුළුවන්. ඒ එක්කම විවාහයක් නැතිව දැඩි ආදරයක් පවතින්නත් පුළුවන්. නමුත් වඩා සාර්ථක වෙන්නේ මෙම බන්ධන දෙක එකතැනකට පැමිණවීමේදී කියලයි මටනම් හිතෙන්නෙ. එක් දෙයකට ඇති බන්ධන ගණන වැඩි වෙන කොට එය බිඳීමත් අපහසු වෙනවා නෙ.

              හැබැයි, සම්පූර්ණ ගමන ගැන සළකනකොට, එහෙම බන්ධන තිබීම වගේම නොතිබීමත් හොඳයි කියල හිතෙනවා.

        • අමිල says:

          [මං හිතන්නෙ ඕක “අයිති කර ගත්තා” කියන හැඟීමෙ ප්‍රතිඵලයක්.]
          මේ තත්වයත් හරියට බොදු දර්ශණයේ අනිත්‍ය , මරණානුස්තිය වගේ දේවල් අමතක ​වීම නිසා වෙන දේවල් ද ගුරුතුමනි? (මටත් එහෙම කියැවෙනවා ඉගෙනගෙන නැතත්) ඒකද අලුත විවාපත්වූවන්ට මරණානුස්මෘතිය වඩන්නට කියන්නේ. හරියට කලොත්මේ අයිතිකරගත්තා කියන හැගීම නැතිවෙනවා නේද? ඒක සාර්ථක වෙයිද?

          • kumudupinto says:

            ඔය මතය ගැන නම් යමක් කියන්නට මැලිකමක් තියෙනවා.

  4. අපූරුවා says:

    සර් කරන්නෙත් පිට්ටනියෙන් පිටත සිට තරඟය නරඹනවා වගේ වැඩක් නේද? ඒත් ඔබට පිටියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයකුට වඩා හොඳ දැනීමක් ඒ ගැන තියෙන බවයි පේන්නේ. ඒ ඔබතුමා ජීවිතය කාලය තුල අත්විඳ ඇති දේ හා අන් අයගේ අත්දැකීම් තම අත්දැකීම් එක්ක සංසන්දනාත්මකව විග්‍රහ කිරීමෙන් ලද එකක් කියලයි මට හිතෙන්නේ… මම නිවැරදිද?

    • kumudupinto says:

      හැම තිස්සෙම පිටියේ ක්‍රීඩකයාට වඩා පිටත සිට නරඹන්නාට ඒ ගැන හොඳ අවබෝධයක් තියෙනවා හරිහැටි නැරඹුවොත් !

  5. Free Thinker says:

    If someone used to say that they love the other person since before the marriage, then they should (and must) continue the same habits within the marriage. But I don’t think it is even necessary to “just” say that you love the other person. I think, it should be in the small things you do for the other person, not the word.

    Because many woman would change at the moment you say that you “love” her. Then, it is better kept as the bait. Because, there is no hook or string attached to the bait. Once the beast eats up the bait, it is no more a bait.. They think have won and peruse no more!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s