විවාහය රසවත් කර ගැනීම

මේ බොහෝ කාලයකට ඉස්සර මං අහපු ගුවන් විදුලි නාට්‍යයක්.

එක යුවලක් ප්‍රේම කරලා ප්‍රේම කරලා විවාහ වෙනවා. ඒ ගොල්ලන්ට ඕනෙ වෙනවා විවාහය ඇති ඒකාකාරී ගතිය නැති කර ගන්න යම් උපක්‍රමයකින්. ඒ දෙන්නා කතා වෙනව සතියෙන් සතිය ඒ ගොල්ලො එකිනෙකට වෙනස් චරිත රඟපාමු කියලා.

පළවෙනි සතියෙ ඒ දෙන්නා සාලිය අශෝකමාලා වෙනවා. ඒ සතියෙ කතා කරන්නෙ හැසිරෙන්නෙ කන්නෙ බොන්නෙ සාලිය අශෝකමාලා විදියටයි. දෙවෙනි සතිය ඒ ගොල්ලො වෙන් කරන්නෙ දීඝ ගාමිණී උන්මාද චිත්‍රා යුවලට. ඒ දෙන්න වගේම මේ දෙන්නත් ප්‍රේම කරන්නෙ හොර රහසෙ. තුන්වෙනි සතිය ඒ දෙන්නා වෙන් කළේ ටජ්මහල් වෘහ්තාන්තයට සම්බන්ධ යුවලට (මට නම් දෙක නම් මතක නෑ. එක්කෙනෙක් ෂා ජහාන් වෙන්න ඕනෙ. නමුත් අනෙක් නම ? )

මං හිතන්නෙ මේ ප්‍රේම වෘත්තාන්ත දන්නා අයට, අඩු ගණනෙ ඉතිහාසය විෂයයක් වශයෙන් කරල තියෙන අයට මේ ක්‍රමේ ගැලපෙයි ඒකාකරීත්වය නැති කර ගන.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

11 Responses to විවාහය රසවත් කර ගැනීම

  1. මුම්ටාස්…🙂

  2. අපූරුවා says:

    සර්.. මෙහෙම කළාම වෙනසක් නම් ඇතිවෙයි. ඒත් මෙහෙම කරද්දි තමන් තමන්ම රවටා ගන්නවා වගේ දෙයක් සිද්ධවෙයි කියලයි මට හිතෙන්නේ..

    • kumudupinto says:

      සමහර විට හිතෙන්නෙ නැද්ද මුළු ජීවිතයම රැවටීමක් කියල ?

  3. අපූරුවා says:

    ඔව්. ඒක ඇත්ත.. ඒත් අපි දැන දැනම රැවටීම හෝ අනුන් රැවැට්ටවීම අනුවණ හා නරක දෙයක් නේද? ඒත් යම් ප්‍රශ්නෙකට ඒක තාවකාලික හරි පිළියමක් නම් ඒකෙත් ඇති වැරැද්දක් නෑ තමයි.

  4. මේ ඔය චරිත රඟපාලා අන්තිමට වළස් මාමාය වළස් නැන්දගෙයි එකත් ර‍ඟපාවිද දන්නේ නෑ…

  5. අමිල says:

    කොහොම හරි බැදගත්ත බෙරේ ගහන්න වෙනවලුනේ…

  6. අමිල says:

    කොහොම හරි බැදගත්ත බෙරේ ගහන්න වෙනවලුනේ… එකෙන්ම පේනවා විවාහය කොච්චර බෝරිංද කියලා..

  7. අමිල says:

    වලස්මාමගෙයි නැන්දගෙයි තමා හොදම දීගේ.. ඒ කථාවේ ඉංග්‍රීසි නම දන්නවනම් කියන්කෝ කවුරුහරි.

  8. Isuru says:

    ගොඩක් දෙනෙකුට අමතක වෙන දෙයක් තමා ජීවිතේ රස විඳින එක…….. විවාහය තිත්තයි කියන අයට මේකනම් හොඳ කතාවක්

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s