C සඳහා උදාහරණ – 19

අපි කලින් උදාහරණයේදී අවස්ථා දෙකකින් එකක් තෝරා ගැනීම සඳහා Conditional Operator එක භාවිතා කරන හැටි ඉගෙන ගත්තා. දැන් අපි බලමු අවස්ථා තුනකදී Conditional Operator එක භාවිතා කරන්නේ කෙසේද කියා. උදාහරණයක් ලෙස ලකුණු 70 ට්ට වැඩි නම් “Good” ලෙස ත් 45 ට වැඩි වී 70 ට අඩු හෝ සමාන නම් “Average” ලෙසත් 45 ට අඩු නම් “Bad” ලෙසත් Commentඑකක් ලියන්නේ කෙසේදැයි සොයා බලමු.

මුලින්ම අපට පුළුවන් ලකුණු 70 ට වැඩි දැයි සොයා බැලීමට. එසේ නම් අනිවාර්යයෙන්ම Comment එක “Good” ලෙස සඳහන් විය යුතුයි. එසේ නොමැති නම්, එනම් ලකුණු වල අගය 70ට අඩු හෝ සමාන නම් Comment එක එක්කෝ “Average” විය හැකියි. එසේ නැති නම් “Bad” විය හැකියි. එබැවින් : ලකුණට පසු අප නැවත ලකුණු ගණන 45 ට වැඩි දැයි පරීක්ෂා කළ යුතුයි. ලකුණු ගණන 45ට වැඩි නම් “Average” ලෙසත් එසේ නොමැති නම් “Bad” ලෙසත් Comment එක සකස් කළ හැකියි.

#include<stdio.h>
void main() {
  int Marks = 48;
   printf("%s%i%s", "Marks     = ",Marks,"\n");
   printf("%s%s%s", "Comment = ",(Marks>70 ? "Good" : (Marks > 45 ? : "Average" : "Bad")),"\n"); }

පරීක්ෂා කිරීම 70 න් පටන් ගන්නවා වෙනුවට 45 න් පටන් ගැනීම කළ හැකියි. පහත දැක්වෙන්නේ එසේ වෙනස් කරන ලද ප්‍රෝග්‍රෑම් එකයි.

#include<stdio.h>
void main() {
  int Marks = 48;
   printf("%s%i%s", "Marks     = ",Marks,"\n");
   printf("%s%s%s", "Comment = ",(Marks<=45 ? "Bad" : (Marks <=70 ? : "Average" : "Good")),"\n"); }

මෙසේ එක Conditional Operator එකක් තුළ තවත් Conditional Operator එකක් ලිවීම Nested Conditional Operators යනුවෙන් හැඳින්වේ.

අවශ්‍ය නම් මුල් පරීක්ෂා කිරීම ලකුණු ගණන 70 ට වැඩි ද යන්න ලෙස ත් ඊළඟ පරීක්ෂා කිරීම ලුකුණු ගණන 45ට අඩු හෝ සමාන ලෙස ත් ප්‍රෝග්‍රෑම් එක ලිවිය හැකියි.

#include<stdio.h>
void main() {
  int Marks = 48;
   printf("%s%i%s", "Marks     = ",Marks,"\n");
   printf("%s%s%s", "Comment = ",(Marks>70 ? "Good" : (Marks <= 45 ? : "Bad" : "Average")),"\n"); }

පහත දැක්වෙන්නේ මෙම ප්‍රෝග්‍රෑම් එක ලිවිය හැකි තවත් ආකාරයක් මේ කුමන ආකාරයකින් වුව ද අපට ලැබෙන ප්‍රතිඵලයේ වෙනසක් සිදු වන්නේ නැහැ.

#include<stdio.h>
void main() {
  int Marks = 48;
   printf("%s%i%s", "Marks     = ",Marks,"\n");
   printf("%s%s%s", "Comment = ",(Marks<=45 ? "Bad" : (Marks >70 ? : "Good" : "Average")),"\n"); }
This entry was posted in 16. C++, සිංහල and tagged , . Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s