ජීවිතයේ බට්ටා පැනීම

අපි මුලින්ම මේ ලෝකෙට බිහි වෙනවා චූටි කයක් අරගෙන . අපි ටික ටික ලොකු මහත් වෙනකොට දෙමාපියො අප ව ඉස්කෝලකට යවනවා. අර ගෙදර දුව පැන සෙල්ලම් කරපු කොටුවෙන් අපි මාරු වෙනවා අධ්‍යාපනය කියන කොටුවට. ගුරුවරුන්ගෙන් බැනුම් අහ අහ දෙමාපියන්ගෙන් බැනුම් අහ අහ අපි මේ කොටුවෙ කාලෙ ගෙවනවා.

අපේ අධ්‍යාපනය ඉවර කරන කොට අපි හිතන්නෙ බැනුම් අහපු කාලෙ ඉවරයි කියල. ඒත් ඉගෙන ගැනීම කියන කොටුවෙන් රස්සාව කියන කොටුවට මාරු වුණහමඉ දන්නෙ තවමත් අපේ මේ කට්ට කෑම ඉවරයක් නැති බවට. අපි තුන්වෙනි කොටුවෙ ඉඳගෙනත් හීන මවනවා උසස් විම් ගන්න, ලොකු පඩියක් ගන්න වාහනයක් ගන්න වාගෙ මෙකී නොකී හැම දෙයක් ගැනම.

මේ අතරෙ අපි ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඉබේම අපි නොදැනුවත්වම අපි ඊළඟ කොටුවට ගිහිල්ලා. අපි මේ කොටුවෙ ඉඳගෙන ජීවිතේ සුන්දරත්වය ගැන හීන මවනවා. අපි අපේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය සමඟ දීග කන හැටි මේ හීන අතර වැදගත් හීනයක් බවට පත් වෙනවා.

ඊළඟට කොහොමින් කොහොමින් හරි හරි අපි හුඟාක් දෙනෙක් යම් කෙනෙක් එක්ක විවාහ වෙනවා. ආයෙත් කොටුවාට මාරු වෙලා. අපි ඊළඟට දෙන්නාම එකතු වෙලා මේ කොටු දිගේ යන්න හවත් ජීවියෙක් හෝ ජීවීන් කිහිප දෙනෙක් ලෝකයට බිහි කරනවා. ඒ අය කොටුවල ඉහළට යද්දි දෙමාපියො පහළට එන්න පටන් ගන්නවා.

දියවැඩියාව හන්ද පැණි රහ දේ කන්න බැරිවෙනවා. කොලෙස්ට්‍රෝල් හන්හ තෙල් ජාති කන්න බැරි වෙනවා. ප්‍රෙෂර් හන්ද ලුණු රහටත් තහංචි වැටෙනවා. අත පය වාරු නැති වෙනවා. ලන ඇහෙන්නෙ ඇහැ පෙනෙන්නෙ නැති වෙනවා. ටික ටික කොටු දිගේ පහළට රූටන්න පටන් ගන්නවා.

කලින් තමන්ට සවන් දුන්න අය තමන්ට සවන් දෙන්නෙ නැහැ. කලින් තමන්ගෙන් උපදෙස් ගත්ත අය දැන් තමන්ට උපදෙස් දෙනවා. කලින් තමන්ගෙන් උදව් ගත්ත අය දැන් තමන්ට අනුකම්පා කරනවා. ටික ටික දුක තේරුම් ගන්නවා කියල හිතනවා.

අන්තිමට ඇහෙන් කනෙන් නහයෙන් දිවෙන් මුළු ශරීරයෙන් ම වැඩක් ගන්න බැරුව ඇඳකට වෙනවා. ටික ටික දුර්වල වලා පණ යනවා. මේ කොටු පැනිල්ල අපි හැමෝම කෙඳිරියකින් තොරව කරනවා. අපේ ළමයින් මේ කොටු පැනිල්ල කරනවා අපි බලා ඉන්නෙ සන්තෝසයකින්. පුදුමෙ මේ කොටුවලින් අපි වගේම අපේ ළමයිනුත් කවදා හඉ සමු ගන්න බව අපට නොතේරෙන එකයි.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

6 Responses to ජීවිතයේ බට්ටා පැනීම

  1. Fiqri says:

    මස් ලේ නැති ඇට බලු ලෙවකන්නේ
    කුස් පිරුමක් පලයක් නොලබන්නේ
    ලෙස් ඒ සැපතෙහි ලොබ නොසිතන්නේ
    දොස් නොපෙනෙනු මිස දුක්මයි වන්නේ

    — ලෝවැඩ සඟරාව —

  2. අමිල says:

    මේ කොටුපැණීමෙන් නිදහස් වෙන්න අපි තෝරාගත යුත්තේ කුමක්ද?

    • kumudupinto says:

      මං හිතන්නෙ නම් මේ කොටුවලට තියෙන ඇලීම නැති කර ගත්තොත් මේ කොටු පැනීම නැති කර ගත හැකි බවයි. ඒත් ඒක හිතන තරම් ලේසි නෑ.

    • Fiqri says:

      කොටුව, කොටුවට හේතුව, කොටුව නැති කිරීමේ මාර්ගය, ඒ මග අනුගමනය කිරිමෙන් කොටුව නැති කිරීම….🙂

      • අමිල says:

        අපි හැමදාම කොච්චර උත්සාහ ගත්තත් තවත් කොටුවට යෑම මයි නේද සිදුවන්නේ. කොටුවකට ඇති බැඳීම නවත්තන්න අපමණ උත්සාහයක් දැරිය යුතුයි නේද? තවත් අරමුණු එකතුවීම වලකන්නට සෑම තත්පරයකම සතිය පිහිටුවාගෙන් අරමුණු ප්‍රහාණය කළ යුතුයි නේද?
        ඒක හිතන තරම් ලේසි නෑ තමයි. නමුත් සත්‍යය පවතින්නේ මේ බඹයක් තරම් වූ කය තුල පොතක ලියා තිබුණා.
        ස්තුතියි පිළිතුරුවලට.

  3. කණිෂ්ක says:

    දැන් ඉන්න කො‍ටුවට ඉස්සරහින් තව කො‍ටුවක් පේනකං මේ කො‍ටු පැනීම ඉවර වෙන්නෙ නෑ… හැබැයි මේ කො‍ටු තියෙන ද්විමාන තලයෙන් මිදිලා ඊට ලම්බකව ත්‍රිමානයේ තියෙන තුන් වැනි අක්ෂය දකින්න පුරුදු වුනොත් ඒක තමයි මිනිස් භවයක් ලැබීමේ පරමාර්ථය විය යුත්තේ… අද අපි මොන කො‍ටුවෙ හිටියත් තුන් වැනි අක්ෂය දිගේ ඉහල නැගීම ඕන කො‍ටුවකින් පටන් ගන්න පුලුවන්…

    තුන් වෙනි අක්ෂය මොකක්ද කියලා පැහැදිලි කරන්න අවශ්‍ය නෑ මම හිතන්නෙ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s