ජෝඩු ජෝඩු, බැලු බැලු අත ජෝඩු

අපි සාමාන්‍යයෙන් ජෝඩුවක් කියන්නෙ තරුණියක් හා තරුණයෙකුට. එහෙමත් නැත්නම් සැමියකු හා බිරිඳකට. ඒත් ඊට වෙනස් ජෝඩු කොච්චරවත් අපි අතර ඉන්නවද?

ඒ එක්කම අපි සාමාන්‍යයෙන් ජෝඩුවක්, එහෙමත් නැත්නම් ජෝඩුවක් හැදෙන බන්ධනයක් කියන්නෙ දෙන්නෙකුට. ඒත් අපි Database Management Systems කියන විෂයය ඉගෙන ගනිද්දි One-to-One වගේම One-to-Many කියල Relationship වර්ගයකුත් ඉගෙන ගන්නවා. ඒ කියන්නෙ බන්ඪනත් වගේම One-to-Many ආකාරයෙනුත් තියෙනවා කියන එක ද ?

ගුරුවරයෙක් පන්තියකට ගියහම බොහෝ විට සිද්ද වෙන්නෙ සමූහයක් සමඟ බන්ධනයක් ඇති කර ගැනීමයි. එක් එක් සිසුවෙකු හෝ සිසුවියක ගුරුවරයා සමඟ බන්ධනයක් ඇති කර ගන්නවා සේම ගුරුවරයා ද ඒ එක් එක් සිසු සිසුවියක සමඟ බන්ධනයක් ඇති කර ගැනීම සිද්ද වෙනවා. ඒ වගේම යම් සිසුවකුට හෝ සිසුවියකට තමා උගන්වන දේ ග්‍රහණය නොවන්නේ නම් අර කියන බ්න්ධනය හරහා ඒ බව තේරුම් ගැනීම ද සිද්ද විය යුතුයි. ඒත් අපි හැමෝගේම කරුමයකට අපි හුඟාක් දෙනා මේ බන්ධන හඳුනන්නේ නැහැ. ඒ හන්දා එ බන්ධනවල ප්‍රතිඵල හඳුනන්නෙත් නැහැ. ඒ නිසාම ඒ බන්ධනවලින් ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ.

සමහර වෙලාවට මෙසේ One-to-Many ආකාරයෙන් තිබිය යුතු මේ බන්ධනය One-to-One ආකාරයකට මාරු වීමත් දකින්නට පුළුවනි. ආන්න එතකොට ලෝකයා ගර්හා කරනවා ඒ ගුරුවරයා සාර ධර්ම කැඩූ බවට.

අනෙක් අතට ලෝකයා ප්‍රේමය හෝ විවාහය කියලා කියන බන්ධනයේදී බොහෝ විට පෙරදිග ලෝකය බලාපොරොත්තු වන්නේ One-to-One ආකාරයේ බන්ධනයක්. යම් හෙයකින් එය One-to-Many ආකාරයට මාරු වුවහොත් ලෝකයා ගර්හා කරනවා සාර ධර්ම බිඳී ගිය බවට.

ආයතනයක මානව සම්පත් කළමණාකරණයේදී ඇති විය යුත්තේත් One-to-Many ආකාරයේ බන්ධයක්. ඉහළ ඒකක පහළ ඒකක සමඟ ඇති කරගන්නා වූ බන්ධනයන් සෑම ආකාරාකින් ම සමාන වන ආකාරයේ ඒවා විය යුතු වුවත් මානව වර්ගයාගේ යම් වරදක් නිසා බොහෝ විට එසේ වන්නේ නැහැ. ඒ වෙනුවට සමහර විට එකිනෙකට වෙනස් ප්‍රබලතාවයන්ගෙන් යුත් බන්ධනත් සමහර විට One-to-Many වෙනුවට One-to-One ආකාරයේ බන්ධනත් ඇති වෙනවා දකින්නට පුළුවන්.

ඇත්තටම අපි මේ දකින බන්ධන පමණ ද ලෝකයේ තිබෙන්නට පුළුවන් ? භද්‍රජී මහින්ද ජයතිලකයන්ගේ “සක්වළ වහල්ලු” නම් ග්‍රන්ථයේ මීට වඩා වෙනස් බන්ධනයන් ගැනත් විස්තර කෙරී තිබෙනවා.

මගේ තර්කය නම් සෑම විටම යම් පුද්ගලයෙක්, යම් පුද්ගලයකුගේ සිත තවත් පුද්ගලයෙක් නැතහොත් තවත් පුද්ගලයකුගේ සිතක් සමඟ බැඳී ඇති බවයි. එහෙත් මේ බන්ධනයන් ඉතාමත්ම ගතික ඒවා. ඒ කියන්නේ මොහොතෙන් මොහොත මේ බන්ධනයන්ට අදාල පුද්ගලයන් මාරු වෙනවා. මේ ලෝකය පුරාම මෙවන් බන්ධනවලින් පිරී ඉතිරී තිබෙනවා.

අපි මේ සසර පුරා උත්සාහ දරන්නේ මේ ගතික බන්ධනයන් ස්ථිතික බන්ධනයන් බවට හැරවීමටයි. ඒ කියන්නෙ අපි වඩාත්ම කැමති පුද්ගලයා සමඟ වැඩිම කාලයක් බන්ධනය පවත්වා ගැනීමටයි. මේ කාරණය මෙම බන්ධනයට අදාල පුද්ගලයින් දෙදෙනාම දන්නවා නම් හා දෙදෙනාටම අවශ්‍ය නම් තමයි මේ උත්සාහයන් යම් පමණකට හෝ සාර්ථක වන්නේ.

This entry was posted in 11. Duality, සිංහල. Bookmark the permalink.

2 Responses to ජෝඩු ජෝඩු, බැලු බැලු අත ජෝඩු

  1. අමිල says:

    බන්ධනය ඇලීමක් ලෙස ​සැලකීම මෙම ලිපියේ අරමුණද ? එමනිසා බන්ධන වලින් නිදහස්වියයුතු බවද ඹබතුමා අදහස්කරන්නේ?

    • kumudupinto says:

      පළවෙනි කාරණේ මේ මගේ නිරීක්ෂණයක්. දෙවෙනි කාරණේ බන්ධනවලින් නිදහස් වුණත් යුග්මවලින් නිදහස් වෙන්න බැරි බවයි මගේ අදහස.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s