Category Archives: සිංහල

මෙහි ඇති සියළු සිංහල ලිපි නැවත මෙම මාතෘකාව තුළ දැකිය හැක.

මිනීමල් හා මරණයට ඇති බිය

මේ ළඟකදි මම විහාර මහා දේවී උද්‍යානයෙ තිබුණු මල් ප්‍රදර්ශණයක් බලන්න ගියා එතන එක් කුටියක තිබුණා එක එක පාටින් මල්. අහල බැලුවහම ඒවා අර සුසානභූමිවල වැවෙන මිනී මල්වලම ප්‍රභේද. මම මේවායේ ලස්සණත් විවිධත්වයත් නීසා වර්ග ගණනාවකින් පැල ගෙනාවා හොඳා මල් … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 42 Comments

ජීවිතයේ බට්ටා පැනීම

අපි මුලින්ම මේ ලෝකෙට බිහි වෙනවා චූටි කයක් අරගෙන . අපි ටික ටික ලොකු මහත් වෙනකොට දෙමාපියො අප ව ඉස්කෝලකට යවනවා. අර ගෙදර දුව පැන සෙල්ලම් කරපු කොටුවෙන් අපි මාරු වෙනවා අධ්‍යාපනය කියන කොටුවට. ගුරුවරුන්ගෙන් බැනුම් අහ අහ දෙමාපියන්ගෙන් බැනුම් … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 6 Comments

ජෝඩු ජෝඩු, බැලු බැලු අත ජෝඩු

අපි සාමාන්‍යයෙන් ජෝඩුවක් කියන්නෙ තරුණියක් හා තරුණයෙකුට. එහෙමත් නැත්නම් සැමියකු හා බිරිඳකට. ඒත් ඊට වෙනස් ජෝඩු කොච්චරවත් අපි අතර ඉන්නවද? ඒ එක්කම අපි සාමාන්‍යයෙන් ජෝඩුවක්, එහෙමත් නැත්නම් ජෝඩුවක් හැදෙන බන්ධනයක් කියන්නෙ දෙන්නෙකුට. ඒත් අපි Database Management Systems කියන විෂයය ඉගෙන … Continue reading

Posted in 11. Duality, සිංහල | 2 Comments

C වලින් අපට තව කොච්චර දුර යන්න තියෙනවද ?

අපි තවම ඉගෙන තියෙන්නෙ C වල ඇති Operators අතුරින් කිහිපයක් පමණයි. ඒවා නම් Arithmetical, Assignment, Mixed, Increment/Decrement හා Conditional යන ඒවායි. ඊට අමතරව අපට Relational, Logical හා Shift යන Operators වර්ග ඉගෙන ගැනීමට තිබෙනවා. ඒ වගේම Conditions හා For, Do, … Continue reading

Posted in 16. C++, සිංහල | 2 Comments

C සඳහා උදාහරණ – 20

දැන් අපි දන්නව නෙ එක Conditional Operator එකක් තුළ තවත් Conditional Operator එකක් ලියන්නට. ඒ නිසා අපි දැන් මෙසේ Conditional Operators කිහිපයක් එකක් තුළ අනෙකක් ලෙස ලිවීමට ඉගෙන ගනිමු. අපි හිතමු ලකුණු ගණන 75 ට වැඩි හෝ සමාන නම් ‘A’ … Continue reading

Posted in 16. C++, සිංහල | Tagged , | 8 Comments

C සඳහා උදාහරණ – 19

අපි කලින් උදාහරණයේදී අවස්ථා දෙකකින් එකක් තෝරා ගැනීම සඳහා Conditional Operator එක භාවිතා කරන හැටි ඉගෙන ගත්තා. දැන් අපි බලමු අවස්ථා තුනකදී Conditional Operator එක භාවිතා කරන්නේ කෙසේද කියා. උදාහරණයක් ලෙස ලකුණු 70 ට්ට වැඩි නම් “Good” ලෙස ත් 45 … Continue reading

Posted in 16. C++, සිංහල | Tagged , | Leave a comment

C සඳහා උදාහරණ – 18

අපි මේ උදාහරණයෙන් ඉගෙන ගන්න යන්නෙ Conditional Operator කියන අපූරු Operator එක ගැනයි. මේ Operator එකේ විශේෂත්වය Operands 3ක් තිබීමයි. අපි හිතමු යම් සිසුවකුගේ ලකුණු අනුව යම් Comment එකක් දමන්න ඕනෙ කියලා. ලකුණු 50 ට වැඩි නම් “Good” යන්නත් එසේ … Continue reading

Posted in 16. C++, සිංහල | Tagged , | Leave a comment

අපූරු රූප පෙළක්

මට ලැබුණු ඊ-මේල් පණිවිඩයක තිබූ අපූරු රූප පෙළක්. අපි මහා ලොකු මිනිස්සු ය කියන මිථ්‍යාව බැලුමක හුලං යනවා වාගෙ දිය වෙලා යන අපූරුව.

Posted in 19. Nice e-mails I got, සිංහල | 11 Comments

විවාහය රසවත් කර ගැනීම

මේ බොහෝ කාලයකට ඉස්සර මං අහපු ගුවන් විදුලි නාට්‍යයක්. එක යුවලක් ප්‍රේම කරලා ප්‍රේම කරලා විවාහ වෙනවා. ඒ ගොල්ලන්ට ඕනෙ වෙනවා විවාහය ඇති ඒකාකාරී ගතිය නැති කර ගන්න යම් උපක්‍රමයකින්. ඒ දෙන්නා කතා වෙනව සතියෙන් සතිය ඒ ගොල්ලො එකිනෙකට වෙනස් … Continue reading

Posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල | 11 Comments

කාන්තාව ගැන

මේ ළඟකදි අපි කිහිප දෙනෙක් කතාබහක යෙදී හිටියදී මතු වූ කතාවක් ගැනයි මේ කියන්න යන්නෙ. එහිදී එක් කෙනෙක් කිව්වා ඔහුගේ බිරිඳ කියනවාලු ඔහු විවාහ වී ඉන්නේ කම්පියුටරය සමඟ බව. එහිදී මගේ අදහස වුණේ ඇයට එසේ දැනෙනවා නම් එය අනිවාර්යයෙන් ම … Continue reading

Posted in 10. ප්‍රේමය, සිංහල | 14 Comments

ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා හා අධි සංවේදී බව

ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්තය කියන්නෙ අපට හිටි විශිෂ්ඨ ගණයේ බුද්ධිමතෙක්. එතුමා තාරකා විද්‍යාව ගැන වගේම පරිසරය ගැනත් පරිසරය ගැන වගේම සිත සන්සුන් කර ගැනීම ගැනත් ඉතා හොඳින් දන්නා අවබෝධ කළ කෙනෙක්. වරක් මා එතුමා මුණ ගැසීම සඳහා පාගොඩ පාරේ පිහිටි … Continue reading

Posted in 04. හැඟීම්, සිංහල | 5 Comments

ජය ගත යුතු බාධක

මෙයට සුළු වේලාවකට පෙර මට අහන්නට ලැබුණු ඉතා කටුක ආරංචිවලින් එකකින් මම හොඳටෝම කැළඹුණා. ඒ කැළඹීම හා කලකිරීම කොච්චරද කියනව නම් ඒ සිදුවීම විස්තර කරන්න ලිපියකුත් පළ කළා. කේන්තිය හන්දම එක තැනක මාස 9ක පූර්ණකාලීන ඩිප්ලෝමාවක් කියනවා වෙනුවට වසර 9ක … Continue reading

Posted in 02. මා දුටු බුදු දහම, සිංහල | 7 Comments

පීටර් ප්‍රවුඩ්ගේ පුනරුත්පත්තිය

“Reincarnation of Peter Proud” කියන්නෙ පුනරුත්පත්තිය ගැන කියවුණු තවත් අපූරු චිත්‍රපටයක් ම හිතන විදියට යමෙක් මෙය සිංහලට පෙරලලා තියෙනවා නවකතාවක් හැටියට. පහත දැක්වෙන්නෙ එහි කතා සාරාංශයයි. එක්තරා පුද්ගලයෙකුට යම්කිසි හීනයක් පෙනෙනවා ඔහු ඉතා තදින් බිය වන. ඒ හීනයේදී ඔහුට යම්කිසි … Continue reading

Posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල | 20 Comments

පුනරුත්පත්තිය පිළිබඳ අපූරු චිත්‍රපටයක්

දිගටම මගෙ ලිපිවලට ප්‍රතිචාර දක්වමින් හිටි දුෂී ඊයෙ අපේ ගෙදර ආවා එයාගෙ මස්සිනා පොඩ්ඩ එක්ක. දුෂිත් එයාගෙ නංගිත් මස්සිනාත් කියන තුන්දෙනා ම මගෙ ගෝලයො. රෑ අටහමාරට විතර ඒ ගොල්ලො ආවෙ මට වටිනා තෑග්ගකුත් අරගෙන. කතා කර කර හිටිය. වෙලාව යනව … Continue reading

Posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල | 16 Comments

SOS ළමා ගම්මාන

මම කලින් ලිපියක සඳහන් කළා SOS ළමා ගම්මාන ගැන වෙනම ලිපියක් පළ කරනවාය කියා. මේ ඒ පොරොන්දුව ඉෂ්ඨ කිරීමක්. ලංකාව පුරා ස්ථාන කිහිපයක ම SOS ළමා ගම්මාන පිහිටා තියෙනවා. ඒ නගර නම් කැස්බෑව, අනුරාධපුර, මොණරාගල, නුවරඑළිය හා ගාල්ලයි. මේ හැම … Continue reading

Posted in 15. අපේ ආයතනය, සිංහල | 7 Comments

අනුරාධපුර චාරිකාව

මම පෙරේදා අපේ සාමාන්‍යාධිකාරීතුමත් එක්ක අනුරාධපුර ට ගියා. එහි ඇති අපේ ආයතනයේ එකම ශාඛාව ට ගිය අතරෙ අනුරාධපුර ළමා ගම්මානයට ත් ගියා. ඒ ළමා ගම්මානය ගැන තොරතුරු වෙනම ලිපියකින් පවසන්නම්. ඒ ගමනෙදි පූජනීය නගරයෙ ස්ථාන කිහිපයක් ම ඡායාරූප ගත කිරීමට … Continue reading

Posted in 22. සිංහල සයිබර් අවකාශය, සිංහල | 2 Comments

එකම ආකාරයේ කුරුල්ලෝ එකට කැදලි බැඳීම

මීට අවුරුදු ගණනාවකට ඉහත දී අපේ ආයතනයට සිද්ධ වුණා, මොරටුව සරසවියට තේරී පත් වූ සිසුන් පිරිසකට විශේෂ C++ පන්තියක් කිරීමට. ඒ පන්තිය කිරීමට බාර ගත්තේ ආදී ආනන්දියයෙක්. ඒ පන්තියට ආවෙත් ආනන්දයේ සිසුන් පිරිසක්. කිහිප දිනකට පසු අපේ ගුරුවරයාට එක් සතියක … Continue reading

Posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල | 12 Comments

චිත්ත ධර්ම විද්‍යා පළමු මහා සම්මන්ත්‍රණය

මට චිත්ත ධර්ම විද්‍යා පළමු මහා සම්මන්ත්‍රණයෙ ඡායාරූප ටිකක් හම්බ වුණා. පහත දැක්වෙන්නෙ ඒවා. මුලින්ම තියෙන්නෙ චිත්ත ධර්ම විද්‍යා සංගමයෙ නිර්මාතෘ සුමනදාස සමරසිංහ මහතා සභාව අමතන අයුරුයි. ඒ සමුළුවට පැමිණි ජනකායගෙන් කොටසකුයි පහත රූපයෙන් දැක්වෙන්නෙ. ඉදිරි පේළියේ දකුණු කෙළවරේ ඉන්නෙ … Continue reading

Posted in 17. චිත්ත ධර්ම විද්‍යාව මගේ ඇසින්, සිංහල | 6 Comments

භූගෝලයත් කජ්ජක් ද ?

අර කලින් ලිපියෙ අන්තිම පින්තූරෙ හිටි ජයන්ත ශ්‍රී ලාල් ද සිල්වා ගැනයි මං අද කියන්න යන්නෙ. ඇත්තටම ඔහුගෙ සුවිශේෂී හැකියාවක් ගැන. මේ සිද්ධිය මට මතක හැටියට මම අත්දැක්කෙ පහේ පන්තියෙදි. ඒ කාලෙ ශ්‍රී ලාල් අපට කියනව සිතියම් පොතක ලොකු අකුරුවලින් … Continue reading

Posted in 14. මට මතකයි, සිංහල | 4 Comments

හෝඩියේදී හා දෙවන ශ්‍රේණියේදී රඟ පෑ නාට්‍ය

පහත දැක්වෙන්නෙ අපි හෝඩියේ ඉන්න කොට තෑගි බෙදා දීමේ උත්සවය සඳහා කළ නාට්‍යයක රඟපෑමට ඉස්සෙල්ල පිට්ටනියට අරගෙන ගත්ත ඡායාරූපයක්. ඒකෙ ඉන්න අය අතරින් මට හඳුනා ගන්න පුළුවන් වෙන්නෙ සුමිත්, ඩිනාල්, ප්‍රේමලාල්, බලදේව, පාලිත, අසෝක, රවීන්ද්‍ර, ශ්‍රී ලාල්, ලලිත්, අතුල යන … Continue reading

Posted in 14. මට මතකයි, සිංහල | 7 Comments