ගෝසිංග සාල වනයේ ප්‍රශ්ණයක්

මං ඊයෙ පෙරේද ගියා නැදිමාලෙ තියෙන බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානෙට. එඊකට ගියහම ආයෙත් එන්න හිතෙන්නෙ නෑ. එක එක මාතෘකාවල පොත්. යම්කිසි බෞද්ධයෙකුට තමන්ගෙ කැමැත්තෙ හැටියට පොතක් තෝරා ගන්න පුළුවන්. මං එතනින් ගත්තා මජ්ඣිම නිකායෙ පළමු කොටස. ඒකෙ මං කියවන්න කැමතිම සූත්‍රයක් ගැන කියන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ. ඒ තමයි චුල්ල ගෝසිංග සූත්‍රය.

බුදුන් වහන්සේ ශාරිපුත්‍ර, මොග්ගල්ලාන, මහා කාශ්‍යප, අනුරුද්ධ, ආනන්ද හා රේවත යනාදී මහා සංඝයා වහන්සේ පිරිවරාගෙන ගෝසිංග සාල වනයට යනවා සමවත් සුවයෙන් කාලය ගත කරන්න. මෙතනදි ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේට අදසක් ප්‍රශ්ණයක් පැන නඟිනවා මේ ගෝසිංග සාල වනය ගැලපෙන්නෙ කුමන ආකාරයේ තෙර නමකටද කියල.

සැරියුත් තෙරුන් වහන්සේ මෙ බව විමසනව ආනන්ද තෙරුන් වහන්සේගෙන්. උන්වහන්සේ කියන්නෙ බහුශ්‍රැත, ධර්මය දරණ තෙරුන් වහන්සේ නමකටය ගැලපෙන්නෙ කියල. රේවන තෙරුන් වහන්සේගෙන් විමසූ විට ඵල සමවත් සුවයෙන් භික්ෂුවකට ගැලපේ යැයි කියනු ලබනවා.

ඉළඟට සැරියුත් තෙරුන් වහන්සේ මේ ප්‍රශ්ණය යොමු කරන්නේ අනුරුද්ධ තෙරුන් වහන්සේට. උන්වහන්සේගෙ පිළිතුර වන්නේ දිවැසින් ලොව බැලිය හැකි භික්ෂුවකට එය ගැලපෙන බවයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ අදහස වූයේ තෙළෙස් ධූතාංග දරන භික්ෂුවකට මේ සාල වනය ගැලපෙන බවයි. මහ මුගලන් තෙරුන් වහන්සේගේ අදහස වූයේ ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ දක්ෂ භික්ෂුවකට ගැලපෙන බවයි.

ඊළඟට ආනන්ද තෙරුන් වහන්සෙ සැරියුත් තෙරුන් අමතමින් ඔබ සියල්ලන්ගෙන්ම මේ බව විචාරිය මුත් ඔබගේ අදහස කුමක්ද යනුවෙන් නොකී නිසා එය කියන්නැයි ඉල්ලූ විට සැරියුත් තෙරුන් වහන්සේ දුන්නේ ඉතාම දීර්ඝ උත්තරයක්.

යම් ක්ෂත්‍රිය රජෙක් උදේ වරුවේ තමන්ගෙ ඇඳුම්වලින් යම් සළුවක් තෝරා ගන්නා සේ දිවා කාලයේ තමන් කැමති සළුවක් තෝරා ගන්නා සේ හවස් කාලයේ තමන් කැමති සළුවක් තෝරා ගන්නා සේ යම් භික්ෂුවක් උදේ කාලයේ තමා කැමති සමාපත්තියක සුවය විඳියි ද දිවා කාලයේ තමා කැමති සමාපත්තියක සුවය විඳියි ද සවස් කාලයේ තමා කැමති සමාපත්තියක සුවය විඳියි ද මේ සාල වනය ගැලපෙන්නේ එබඳු භික්ෂුවකට බවයි උන්වහන්සේගෙ අදහස වුණේ.

මේ පැනය විසඳ ගැනීමට මේ සියළු දෙනා බුදුන් වහන්සේ වෙත ගියා. මුළු කතාවම බුදුන් වහන්සේට පැවසූ විට උන්වහන්සේ පිළිතුරු දුන්නේ තම තමන් වැඩූ නිසා ඒ එක් එක් තෙරුන් වහන්සේ නමක් පැවසු දේ සත්‍ය වන බවයි. එහෙත් ඊටත් වඩා මේ සාල වනය ගැලපෙන පුද්ගලයෙක් සිටිනා බව ඉන්වහන්සේ පවසා සිටියා. යම් කෙනෙක් තමන්ගෙ සම් මස් නහර වියලී ගියත් සත්‍යය අවබෝධ කරගෙන මිස නොනැඟිටිමි කියා යම් ගසක් මුල වාඩි වී සත්‍යය අවබෝධ කර ගත්තෙහිද මේ සාල වනය වඩාත්ම ගැලපෙන්නේ එබඳු භික්ෂුවකට බව උන්වහන්සේ වඩ්ජාළහ.

මේ සුත්‍රය කියවන විට එකළ බුදුන් වහන්සේ හා අනෙක් මහ තෙරුන් වහන්සේලා අතර තිබුණේ කෙතරම් මිහිරි අදහස් හුවමාරුවක් දැයි හිතේ. වඩාත්ම රසවත් වන්නේ බුදුන් වහන්සේගේ පිළිතුරයි.

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

7 Responses to ගෝසිංග සාල වනයේ ප්‍රශ්ණයක්

  1. ඒ කියන්නෙ අපි වගෙ අයට ගැලපෙන්නෙ නෑ…..

    • kumudupinto says:

      ඒ වාගෙ තත්ත්වයකට පත් වෙන්න උත්සාහ ගත්තොත් හරි නෙ.

  2. Anewasika says:

    බුදු හාමුදුරුවො අද හිටියනං මෙලහට ආයෙත් පාරිල්‍යෙය ගිහින් මේ සෝමාවතී කෝලං දැකල!

    Anewasika

  3. Apurva says:

    මෙතන ටිකක් අපැහැදිලියි නේද? “යම් කෙනෙක් තමන්ගෙ සම් මස් නහර වියලී ගියත් සත්‍යය අවබෝධ කරගෙන මිස නොනැඟිටිමි” කියන්නෙ ආපහු අත්ථකිලමතානුයෝගයට යනව කියන එක නේද?

  4. Fiqri says:

    සර්,

    සූත්‍රය “මහා ගෝසිංග සූත්‍රය” යැයි නිවැරිදි විය යුතුයි.

Leave a comment