හැඳින්වීම

මේ මාතෘකා කිහිපයක් යටතේ එකතු කරන ලද Blogs ගණනාවෙකි.

“තෙරුවන් ගුණ” යටතේ බුදු ගුණ දම් ගුණ හා සඟ ගුණ අප ජීවිතවලට – විශේෂයෙන් අධ්‍යාපනයෙහි දී යොදා ගන්නේ කෙසේ දැයි සාකච්ඡා කෙරෙන අතර “හැඟීම්” හිදී නොයෙක් සිදුවීම් හා සිරිත් විරිත් දෙස විමසුම් ඇසකින් බැලීමක් සිදු වී ඇත.

“Techniques” යටතේ බුදු දහමේ නොයෙකුත් කොටස්වලින් ලෞකික ජීවිතයේ නොයෙක් දෑ සඳහා යොදා ගත හැකි ක්‍රමෝපායයන් ගැන අදහස් ඉදිරිපත් කර ඇති අතර “වත්මන්/අනාගත දෙමාපියන්ට” යටතේ අධ්‍යාපනය ගැන නොයෙක් කරුණු සාකච්ඡාවට භාජනය කර ඇත.

එසේම “කෙටි ක්‍රම” යටතේ ගණිතය හා පරිගණක විද්‍යාවෙහි නොයෙකුත් අවස්ථාවල භාවිතා කළ හැකි කෙටි ක්‍රම ගණනාවක් හඳුන්වා දී ඇත. Forecasting යටතේ යම් පුද්ගලයින්, ආයතන හෝ රටවල් ගැන යම් යම් අනාවැකි පැවසීමට බල පෑ හැකි සිද්ධාන්ත ගැන නොයෙකුත් මත ඉදිරිපත් කර ඇත.

“Nice e-mails I got” යටතේ මා ලද, අනෙක් අය සමඟ බෙදා ගැනීමට කැමති Presentations ගණනාවක් සම්බන්ධ කර ඇත. දක්ෂිණගෙන් ලද ඉල්ලීම නිසා පරිගණක ක්ෂේත්‍රයේ මා ලද අත්දැකීම් “පරිගණක අත්දැකීම්” යන මාතෘකාව යටතේ ඉදිරිපත් කර ඇත. “Spreadsheets” යටතේ පැතුරුම්පත් ගැන, විශේෂයෙන් Microsoft Excel හා Open Office Calc ගැන නොයෙක් වැදගත් යැයි සිතෙන කරුණු දක්වා ඇත.

ප්‍රේමය ගැන හා ඊට සම්බන්ධ ලිපි “ප්‍රේමය” මාතෘකාව යටතේ ද ද්වි කෝටික න්‍යායයන් සම්බන්ධ ලිපි “Duality” නම් වූ මාතෘකාව තුළ ද අන්තර්ගත කර ඇත. එසේම “දෙවියනි ඔබ කොහිද ?” මාතෘකාව යටතේ වූ ලිපිවලින් දෙවිවරු ගැන අමුතුම ඇසකින් බැලීමට උත්සාහයක් දරා ඇත.

එක් එක් මාතෘකාවක් යටතේ ඇති Blogs, බොහෝ විට යම්කිසි ගලා යාමක් සහිතව ඉදිරිපත් කර ඇති හෙයින් යම්කිසි මාතෘකාවක පහළ සිට ඉහළට Blogs කියවා ගෙන යාම වඩා සුදුසු වනු ඇත.

එසේම මෙහි ඇති සියළු සිංහල ලිපි නැවත “සිංහල” නම් වූ මාතෘකාව තුළ දැකිය හැක.

බ්ලොග් එකක දැමිය හැකි තරමේ සභ්‍ය ප්‍රතිචාර සියල්ලම මෙහි ඇතුලත් කෙරෙන බවට පොරොන්දුවක් දිය හැකිය. එහෙත් තම අනන්‍යතාවය සඟවන්නන්හට මෙන්ම තර්කවලට තර්කවලින් පිළිතුරු නොදී නිකරුණේ පහර ගසන්නන්හට ද මගේ අකමැත්ත පළ කිරීමට කැමතියි. ඕනෑම දහමක් දෙස ඕනෑම ඇසකින් බැලිය හැකි බව මගේ විශ්වාසයයි.

45 Responses to හැඳින්වීම

  1. කියවන්න දේ බොහොමයි. කියවා හිතන්නට, ඊටත් වැඩියි…

    • මුදිතා says:

      සියල්ලම කියවා, ඇති තරම් හිතා, ඒවා ක්‍රියාවට නගන පරපුරක් බිහිකරන්නයි අප ගුරුතුමන්ගේ වෑයම..

  2. bckurera says:

    මට ඔබේ ඊමේල් ලිපිනය දෙන්න පුලුවන්ද?
    GTalk : bckurera
    bckurera AT gmail DOT com

  3. ඔබතුමාගෙ සියළුම ලිපිවලට යොමු දැක්වෙන පිටුවක් තිබෙනවානම් ලොකු පහසුවක්.
    වටිනා ලිපි සොයාගන්න ටිකක් අමාරුයි නොවෑ.

  4. මුදිතා says:

    දවසේ කොයි තරම් වැඩ තිබුණත් කොහොම හරි වෙලාවක් හොයාගෙන මේ බ්ලොග් සටහන් කියවන එක දැන් මගේ දෛනික දින චරියාවට එකතු වෙලා… අළුතෙන් කියවලා අළුතෙන් හිතන්න, නැවත නැවතත් හිතන්න දේවල් බොහොමයි…

  5. බ්ලොග් කියවනය බලද්දී .. පිටි භූතයා දැක්කා.අහලා පුරුදු මේ කතාව දන්න කව්ද මේ කියලා බලද්දී …

    හුගක් සතුටුයි පින්තු සර්.

  6. බොහොම සතුටුයි….ආනන්දියෙක්ගෙ යුතුකම ඔයා නියමෙටම ඉටු කරනවා…..

  7. ```Outsider``` says:

    හැමදාම වගේ ඔබතුමන්ගෙ වටිනා ලිපි කියවනව. ඒත් ඔබේ ලිපි පල කිරීමේ වේගය අනුව සමහර වෙලාවට සමහර ලිපි අතපසු වෙනව. මොකද බොහෝ ලිපි ගණනක් පල කරන දවස් තියෙන නිසා.

    • kumudupinto says:

      පටුන දිගේ යන්න. හුඟක් වෙලාවට දවසක් දෙකක් ඇතුළත පටුන Update වෙනව. එහෙම නැත්නම් තියෙන්නෙ Categories හරහා යන එකයි.

  8. දුකා says:

    m m m digatama kiyawanna ona karana blog ekak . . .. tnx . .

  9. Amila says:

    ප්‍රියතම බ්ලොගය බවට පත්වෙලා…

  10. GlamModdee says:

    hi

  11. තිවංක says:

    අද තමයි බ්ලොග් එක ඉස්සෙල්ලම දක්කෙ.හ්ම්ම්… මෙච්චර කල් ඇයි මේක හම්බුනේ නැත්තෙ කියල හිතුනා.වැඩ කරන අතරතුර උනත් ලිපි ගොඩක් කියවන්න වෙලාව හොයාගත්තා.පංතියෙදි උගන්නපුව වගෙම බ්ලොග් එකෙනුත් ජීවිතේට ගන්න තියෙන දේවල් බොහොමයි.

  12. Fiqri Ismail says:

    අදයි දැක්කේ හරි සතුටක් දැනුනා 🙂 … _/‍‍‍\_ (මගෙ නමස්කාරය)

    ““තෙරුවන් ගුණ” යටතේ බුදු ගුණ දම් ගුණ හා සඟ ගුණ අප ජීවිතවලට – විශේෂයෙන් අධ්‍යාපනයෙහි දී යොදා ගන්නේ කෙසේ දැයි….”

    බොහොම ලෙසියි යොදාගන්න …

    “ප්‍රශ්ණය, ප්‍රශ්ණයට හේතුව, ප්‍රශ්නය විසඳාගැනීමේ මාර්ගය, එම මග අනුගමණය කිරීමෙන් ප්‍රශ්ණය විසඳාගැනීම”

    ෴ ඔබතුමාට තෙරුවන් සරණයි ෴

  13. hi…
    you are welcome in sinhala wiki…
    Seems you are a great blogger.
    hiks…

    I’m Binguwa

  14. harindu says:

    අද තමයි බ්ලොග් එක හොයාගත්තේ… සර් ගේ ලිපි ඔක්කොම කොහොමහරි කියවනවා.

  15. Janaka says:

    Blog eka kiyawanakota OCS diploma eke sir apiata ugannapu lesson mathak wenawa…

  16. buddhika says:

    අදම තමයි කියෙව්වෙ
    මටත් පටන් ගන්න හිතුනා.

  17. අම්මේ මේ තියෙන්නෙ බ්ලොග් එක

    වෙලාවට නමින්ම තියෙන්නෙ

    මේක කියවන්න නම් සතියක් විතර යයි වගෙ කමක් නෑ කොහොම හරි කියවනව

  18. මටත් ඔන්න අද තමයි බ්ලොග් එක හමුවුනේ…………….හොදයි හොදයි,
    දිගටම ඔන්න මමත් කියවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා………………………………!!!!!!!!!!!

  19. Yours is one of the many of sites that runs well on my new Ipad. Bravo 🙂

  20. ඔබතුමාගේ ලිපි කාලින වශයෙන් ඉතාමත් වැදගත් වෙනවා , වේලාව තියන පරිදි හිමිට බ්ලොග් අඩවිය කියවන්න ඕනේ . ඔබතුමාට ජය !!

  21. Wathsala Vithanage says:

    Dear sir,

    As I write this you have left every one of us leaving behind your thoughts and values for generations to come. You will be remembered in our lives as a great guru. Good luck on your journey sir.

    Good Bye!

  22. Isuru says:

    21 වෙනිදා මිනී මල් හා මරණයට ඇති බිය ලියල 25 වෙනිදා ඔබතුමා අපෙන් සමු ගත්තේ මේක ඔබතුමා කලින් දුටු දෙයක් විදිහටද මන්ද…….. ඔබතුමාගේ අඩුව කෙසේනම් පුරවන්නද? ඔබට නිවන් සුව අත්වේවා

  23. අරුණ says:

    ගුරුතුමනි..,
    ඔබට නිවන් සුව අත් වේවා….!!!

  24. දුමී says:

    මගේ ආදර ගුරුතුමාණනි – ඔබට අමා මහ නිවන් සුව !

  25. මුදිතා says:

    මා හට හමු වූ ශ්‍රේෂ්ඨතම ගුරු පියාණෙනි, නොසිතූ ලෙස අප හද දවාලමින් අප අතරින් වෙන්ව ගියද, ඔබ තුමන්ගේ ආදරණීය කටහඬ, ඔබ තුමන්ගේ මිල කළ නොහැකි ඔවදන් අප හද තුළ සදා රැව් දෙනු ඇත. ඔබේ ජව සම්පන්න කට හඬ අසන්නට, ඔබේ ප්‍රතාපවත් මුහුණ දකින්නට නොමැතිව මේ ඕපන් ආර්ක් පව්ලේ අප සැමට මහත් පාළුවක් දැනෙනු ඇත. සුවහසක් දරු දැරියන්ගේ නැණස පාදමින්, එතෙකුදු නොනැවතී ඒ දැනුම සයිබර් අවකාශයටද මුදා හැරි ඔබ තුමන් ඒ පින් මහිමයෙන් අමා මහ නිවන් සුවය අත් පත් කරගනිත්වා යැයි අපි හැම ප්‍රාර්ථනා කරමු. ඒ ගමනාන්තය එළැඹෙන තෙක් මතු අත්භවයන්හිද අප අතරම අපේම ආදරණීය ගුරුතුමන් වී අපට අකුරු කළ මැනැවැයි ආයාචනා කරමු.

  26. ඔබට නිවන් සුව අත්වේවා ගුරු පියාණෙනි!

  27. සරත් ගුණතුංග says:

    ගරු කුමුදු පින්තු මහත්මයානනි, මට ඔබ කවදාවත් හමු වී නැත. නමුත් කවදා හෝ හමු වෙනු ඇත. ඔබට ආයුබෝවන් කියන්නෙත් නැත. සාමාන්‍ය මිනිසෙක් තුල නොමැති දර්ශනවාදයක් සහ මානසිකත්වයක් කුමුදු ලාල් පින්තු යන ලේබලය ඔස්සේ මම දුටුවෙමි. අදත් එය දකින්නෙමි. නමුත් තාවකාලිකව අද දින සන්නිවේදනයේ ක්‍රියාකාරිත්වය ඇනහිට ඇත. ඔබ දරාගෙන සිටි රූප ස්කන්ධය හැර ගියද, නාම වශයෙන් ඇති අනෙක් ස්කන්ධ දැනට කොතැනක හෝ ලැගුම් ගෙන ඇති බව මගේ විශ්වාසයයි. ඔබට මෙයට පිලිතුරක් දිය හැකිනම් එය එසේ බවට ඔබ සහතික කරනු නොඅනුමානය. සිතිවිලි ඔස්සේ හමු වු තව ටික කලක් එසේම හමුවෙමු. ඔබට යහපතක්ම වේවා. ඔබ, අපි ජීවත් වන ලොව තුල ඇති රටාව පිලිකෙව් කොට ඇත්නම් ඔබට නිවන් සුව. කෙසේ හෝ යලි හමු වෙන්නෙමු.

  28. Janaka says:

    ඔබට නිවන් සුව ලැබේවා ගුරුතුමනි……………..

  29. තිවංක says:

    ගුරු පියාණෙනි ඔබට නිවන් සුව ලැබේවා…

  30. අමිල says:

    මේ වියෝව දරාගත නොහැක. ඉතාම කෙටි කලකදී අප වැඩියෙන්ම සිත් ගත් , ජීවිතයට ම වැදගත් යමක් එකතුකල බ්ලොග් ලිපිකරු, ගුරුවරයකු මෙන්ම ඉංජි​නේරුවකු වන ​ඔබතුමාට නිවන් සුව.

    ඔබේ වචනයෙන්ම මා අවසන් කරන්නම්.
    “හොද මිනිසුන් ඉක්මනට යනවා.”

    !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  31. Hasitha says:

    “තම තම නැණ පමණින්” බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටුකළ අපෙන් සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා !!!

    http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_26.html

  32. ඒම දුකකි
    යාම දුකකි
    ඒම, යාම අතර දුකකි

    කුමුදු ඔබට සදා සැනසුම ලැබේවා!

  33. ලක්මාල් says:

    මරණයට බිය නොවූ කුමුදු ලාල් පින්තු ගුරුපියාණන් ඉතාමත් යහපත් තැනක උපත ලබා ඇති බවට කිසිදු සැකයක් නැත. එතුමාණන් ‘කුමුදු ලාල් පින්තු’ ලෙස ගත කළ ජීවිතය අතිශය දුලභ ගණයේ එකකි. බුදු දහමට අනුව ජීවත් වෙමින්, සමාජය උදෙසා අති විශාල වැඩ කොටසක් කෙටි කාලයකින් කළ එතුමා සැබැවින්ම පූජනීය චරිතයකි.

    මෙලෙස පවසන මා කෙදිනකවත් පින්තු සර් ව සියැසින් දැක නැත.
    නමුත් මෙම බ්ලොග් අඩවිය තුලින් මා එම දුර්ලභ චරිතය හඳුනා ගත්තෙමි.

    එතුමාණන් හට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොට මේ අසාර වූ සසරින් එතෙර වීමට භාග්‍යය උදා වේවා යි ප්‍රාර්ථනා කරමි.

  34. ගුරු පියාණෙනි ඔබට නිවන් සුව ලැබේවා !

  35. අඛිල says:

    මේ බ්ලොග් අඩවියෙන් තේරුම් ගත්තු විදිහට කුමුදු පින්තු සර් බොහොම යහපත් මනුස්සයෙක්.
    හොඳ තැනක ඉපදිලා සසර කෙළවර කරන වෑයම සාර්ථක කරගන්න එතුමාට වාසනාව ලැබේවා!!

Leave a comment