මිනීමල් හා මරණයට ඇති බිය

මිනී මල්

මිනී මල්

මේ ළඟකදි මම විහාර මහා දේවී උද්‍යානයෙ තිබුණු මල් ප්‍රදර්ශණයක් බලන්න ගියා එතන එක් කුටියක තිබුණා එක එක පාටින් මල්. අහල බැලුවහම ඒවා අර සුසානභූමිවල වැවෙන මිනී මල්වලම ප්‍රභේද.

මිනී මල්

මිනී මල්

මම මේවායේ ලස්සණත් විවිධත්වයත් නීසා වර්ග ගණනාවකින් පැල ගෙනාවා හොඳා මල් පිපී තිබුණු. ගේ ඉස්සරහින්ම පෝච්චි පේලියක ඉන්දුවා. හැබැයි මේවා මිනී මල්.

මිනී මල්

මිනී මල්

අල්ලපු ගෙදර ඉන්නෙ මගෙ නැන්දා. තාත්තගෙ නංගි. ඒ නැන්දගෙ එක දුවෙක් ඇහැව්වෙ “අයියට වෙන ගේන්න මල් ජාතියක් තිබුණෙම නැද්ද මිනී මල් ගෙනාවෙ ?” කියල. ඒත් නම මොකක් වුණත් මල් ටික නම් ලස්සණයි.

මිනී මල්

මිනී මල්

මං හිතන්නෙ මේ මල් වර්ගයට කොහොම හරි මිනී මල් කියල නම වැටුනා. මරණයට තියෙන බය හන්දම මිනිස්සු මේ මල් වර්ගයටත් බය වුණා. නම මිනී මල් හන්ද ගෙවල්වල මේ මල් වර්ගය වවන්න බය වුණා. නම “මිනී මල්” නෙ.

මිනී මල්

මිනී මල්

අපේ ගෙදර ඉස්සෙල්ලාම නැති වුණේ අම්ම. අම්ම තාත්තට වැඩිය වැඩිමල්. ඊළඟට තාත්ත ගියා. පොතේ හැටියට ඊළඟට යන්න තියෙනෙ මට. ඉතින් මගෙ වාරෙ එනකම් ඊළඟ වාරෙ මගෙ කියල මතක් වෙන්නත් එක්ක මිනී මල් වැවුවහම මක් වෙනවද ?

This entry was posted in 02. මා දුටු බුදු දහම, සිංහල. Bookmark the permalink.

42 Responses to මිනීමල් හා මරණයට ඇති බිය

  1. දුමී says:

    අපි සර්ගෙ ගෙදර ආපු වෙලාවෙ මතක ඇති මම ඇහුවා, සර් මොනාද මේ මල් කියලා. ඒ ඇහුවෙ ඒව අඳුන නොගෙන නෙමයි. සර් ආඩම්බරෙයෙන් කිව්වා මතකයි මේව මිනී මල් කියලා. සර් කිව්වත් වගේ ඒ අපේ හිතේ මේ මල් වලට තියෙන අනියත බය හින්ද වෙන්න ඇති මේ මල් දිහා අපිට වපර ඇහෙන් බැලෙන්නෙ. මොනව උනත් මමත් පිලිගන්නව මේ මල් හරිම ලස්සනයි කියල.

    සර්ට තාම මරණය ගැන සිතන්න කල් වැඩියි. තව පරම්පරා දෙක තුනකටම දැනුම ලබා දෙන්න තියෙනවා.

    ඔබ තුමාට දීඝායු වේවා !

    • kumudupinto says:

      අපි කාට හරි දීර්ඝායු වේවා කියල පතන එක කොච්චර නිවැරදිද ? යමෙක් වයසට ගිහිල්ලා දුර්වල වෙලා අනෙක් අයට බරක් වෙලා දුක් විඳ විඳ ඉන්නවට වැඩිය හොඳ නැද්ද ඒ දුර්භාග්‍ය සමය එන්න ඉස්සර වෙලා චුත වෙන එක ?

      • Muditha says:

        හුඟක් දවසකින් තම තම නැණ පමණින් තේරුම් ගන්න සටහනක් නොදැක හිටපු අපිට සර් මේ වගේ දේවල් කියන කොට දැනෙන්නේ ඉරි තලා ගිය පොළොවට වැටුණු වැහි පොද පොළොවට උරාගන්න කළිංම ආපහු වාෂ්ප වුනා වගේ. අපිව වගේම සර්වත් දිරිගැන්වෙන දේවල් ලියනවනම් තමයි අපි වඩාත් කැමති.

        • kumudupinto says:

          ඇත්තටම මේ බ්ලොග් එකේ තියෙන්නෙ මගෙ හිතේ එක එක වෙලාවට ඇතිවන හැඟීම්. සාමාන්‍යයෙන් මවක් පියෙක් ජීවත් වෙන්නෙ තමන්ගෙ දරුවන් වෙනුවෙන්. තරුණයෙක් තරුණියක් ජීවත් වෙන්නෙ ආදරය වෙනුවෙන්. මම ටිකෙන් ටික ටිකෙන් ටික මේ දේවල් නිරීක්ෂණය කරන නිරීක්ෂකයෙක් බවට පත්වෙමින් ඉන්නවා කියලයි මට හිතෙනෙ.

  2. Fiqri says:

    අල්ලපු ගෙදර කට්ටියට කියන්න වෙනවා මේ මල් පොඩි නිසා “mini” (මිනී) මල් කියනවා කියලා …. හිකිස්….. 😀

  3. මරණය අමතක කොරලා නොමැරෙන මින්ස්සු වාගෙ ඉන්න අපේ කට්ටියට මිනි මල් වලින් වත් මතකය අලුත් වෙනවානම් කොයිතරම් දෙයක්ද?

  4. palaamalla says:

    දන්න කාලේ ඉදන්ම ඇති කරපු/උනු හැඟීමක් නිසාද මන්ද අමුතු චකිතයක් එන්නේ මේ මල් දැක්කම….

  5. මලේ නම භයානක වුනාට මලේ නම තරම් මල අසුන්දර නෑ , ඉතාමත් සුන්දරයි . ඒ වගේම තමා මිනිහෙකුගේ පිටත පෙනුමට වඩා , ඇතුලත ගුණාංග තමයි වටින්නේ …..

  6. අමිල says:

    සැමටම මරණය නියතයි. මේ සතය තේරුම් ගත්තොත් මේ කෙටි කාලයෙන් තමන්ට ගෙනියන්නට හැකිදේවල් එකතුකරගන්ට පුලුවන්නේද? මේ බව අමතක කරවන දේ නිසා නේද අපිත් නොමැරෙන මිනිසුන් වාගේ ජිවත්වෙන්න හදන්නේ. මධ්‍යස්ථව හිතන්න පුලුවන්නම් කොච්චර එකක්ද.

  7. දුමී says:

    මගේ ආදර ගුරු පියාණනි ඔබට අමා මහ නිවන් සුව අත්වේවා !!

    අදින් දින හතරකට උඩදී මා දීඝායු වේවා යැයි පැවසූ විට ඔබ එය ප්‍රතික්ෂේප කලේ මෙය ඔබ කලින් දැන සිටි නිසාද ?

  8. දුමී says:

    ඔබ තුමාගේ අවසන් සටහන මිනි මල් සඳහා වෙන්කලේ කෙසේද ?

  9. Isuru says:

    21 වෙනිදා මේක ලියල 25 වෙනිදා ඔබතුමා අපෙන් සමු ගත්තේ මේක ඔබතුමා කලින් දුටු දෙයක් විදිහටද මන්ද…….. ඔබතුමාගේ අඩුව කෙසේනම් පුරවන්නද? ඔබට නිවන් සුව අත්වේවා

  10. කොච්චර විහිළු කතා කරකර හිටියත් අපි හැමෝගෙම අවසානය කවදා කෙලෙස සිදුවේදැයි කාටනම් කිවහැකිද?

  11. ඇත්තටම මේ අවසාන ලිපිය කොයිතරම් නම් පුදුම ජනකද?…..අපි කොයි කාටත් උරුම මෙයම නොවේද? ඔබට අමා මහ නිවන් සුව අත්වේවා !!!!

  12. ඔබතුමාට ළඟඳී මම email මගින් vidyawa.com සදහා සම්පත්දායකයකු වන ලෙස ආරාධනාවක් යැව්වා. එහෙත් එයට ඉක්මන් පිළිතුරක් ලැබුණේ නෑ….
    පසසේ දවසක http://lahirucc.wordpress.com/2010/07/25/kumudusir/ යන බ්ලොගය කියවද්දියි දැනගත්තේ ඔබතුමා මේ ලෝකයෙන් සමු අරගෙන කියලා. නමුත් ඔබතුමා මේ සිංහල බ්ලොග් අවකාශයේ තැනූ මේ අඩවිය අපිට ඔබව මතක් වීමට වටිනා සිහි වටනයක්. තාක්ෂණයේ දියුණුව මේ බ්ලොග් අඩවිය ප්‍රතික්ෂේප කරන තාක් කල් මේ බ්ලොග් අඩවිය තවත් අයවලූන්ගේ නැණස පාදන්නට උපකාරී වනු ඇත. ඔබට මාගේ ධර්මයට අනුව සමාදානයේ සැතපේවායි පතමි.

    • එතුමාට කළ හැකි ලොකුම ගෞරවය හා කෘතගුණ සැලකීම නම් එතුමා නැවතූ තැනින් එතුමාගේ සමාජ ශෝදන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාමයි…

      • මෙහි කරුණු සංරක්ෂණය කිරීමට මා සිතා සිටිමි…
        එසේ කිරීම නීත්‍යානුකූලදැයි මා නොදන්නෙමි…ඒ ගැන දැනුවත් අයෙක් සිටී ද ?

  13. …and so it ends… this journey of yours that I was privy to for the last twenty years.

    From the battles of a young teacher under your wing to the ecstasy of being hailed as an equal in that very profession, I had your gentle strength to fall back on when I doubted myself the most. I must have done something good at some point to have the honor of having you teach me how to teach. The only way I can repay you for that is by carrying your spectral message on to the next generation of students. The highest ideals of the perfect guru that you instilled in me – I pledged then and pledge now to inculcate in those that I water and feed as a teacher.

    As fate would have it, intimately was I associated with you in your own struggles Sir. From a teacher to a renunciate and back to the world of men and matters … our fates entwined and brought us together, helping each other to live each day through. As we told each other many times before, “let us fight if we must with honor … the terrors and the horrors that our karma visits upon us”

    This lifetime that we spent enjoying each others company is just one on the temporal chart that holds many such skirmishes for us in the future. The wish that I made kneeling at your feet that day at East-West in 1991 just before you entered the order – that I will be there watching when you achieve that final release from the bonds of samsara – that holds true for all time.

    May your abodes be beautiful until Nirvana releases you from them my teacher.

    Farewell until we meet again.

  14. එතුමා අප අතරෙන් වියෝවූ බව කෙසේ විශ්වාස කරන්නද?

  15. කණිෂ්ක says:

    මේක ලියන්නෙ හේතු දෙකකට….

    එකක් අපේ ආදරණීය ගුරුතුමාට, ඒ සොඳුරු මිනිසාට මේ භවයෙදි පුරුදු කරපු සිත අරන් තවත් මිනිස් භවයක ඉපදිලා ඒ සසර ගමන කෙලවර අමා මහ නිවන් සුවයම ලබේවා කියල දුක දරා ගන්න බැරුව කෑගහන හිතේ වේදනාව වචන කරන්න….

    අනෙක…. කවුරු කොහොම කිව්වත් “ඔබතුමා ජීවත්ව ඉඳලා මගෙ මේ comment එක moderate කරලා publish කලොත්?” කියන මටම නොතේරෙන බලාපොරොත්තු විරහිත බලාපොරොත්තුව නිසා….

  16. ඔබට නිවන් සුව ලැබේවා..

  17. ඔබේ මේ බ්ලොගයේ පි‍ටු අතර සැරිසරමින් මා උගත් දේ බොහෝය…
    ඔබතුමාට නිවන් සුව ලැබේවා….!!!

  18. හසී says:

    ඔබතුමාට නිවන් සුව ලැබේවා.!

  19. “අපේ ගෙදර ඉස්සෙල්ලාම නැති වුණේ අම්ම. අම්ම තාත්තට වැඩිය වැඩිමල්. ඊළඟට තාත්ත ගියා. පොතේ හැටියට ඊළඟට යන්න තියෙනෙ මට. ඉතින් මගෙ වාරෙ එනකම් ඊළඟ වාරෙ මගෙ කියල මතක් වෙන්නත් එක්ක මිනී මල් වැවුවහම මක් වෙනවද ?”

    මේ සටහන විශ්මය ජනක එකකි. මෙයින් පැවසෙන්නේ ජීවිතය පිළිඹඳ යතාර්ථවාදී දැක්මක් තිබූ එතුමා මරණානුස්සතිය තුළ ජීවත් වූ බව නොවේද.

    ඔබ තුමා නිසැකවම සුගතිගාමී වනු ඇත!

  20. Sumedha Adhikari says:

    ගුරුතුමනි ඔබට නිවන්සුව පතමි…

  21. RanDil says:

    ඉස්සර අපේ ගෙදර සුදු පාට සහ දම් පාට මිනී මල් තිබුනා. මං දන්නේ නැහැ ඒවා මිනී මල් කියලා. මම පුංචි කාලේ ආසාවට හැදුවා. පස්සේ පස්සේ එක එක අය එක එක ඒවා කියන්න ගත්තහම මං ඒ මල් හැදිල්ල නැවැත්තුවා. පස්සේ මගේ හිතෙත් මිනී මල් ගැන බයක් ඉපැදුනා. කොටින්ම මේ මල පලලා මැද බැලුවාම මිනී ඔළුවක් වගේ කොටසක් තියෙන බව කවුරු හරි මට පෙන්නුවාට පස්සේ නම් මල් දිහා බැලිල්ලත් නැවැත්තුවා. පස්සේ මං හිතුවා සර්ගේ ලිපිය කියෙව්වාට පස්සේ මේ මල් හදන්න ඕනේ කියලා. සර් කියලා තියෙන කථා ඇත්ත කියලා හිතුනා. දැන් නම් ආයේ කවදාවත් මේ මල් හදන්නේ නැහැ කියලා හිතා ගත්තා. සර් මිනී මල් ගැන බය තව වැඩි කලා සර්.

    ඔබට නිවන් සුව පතන්න දෙයක් නැහැ මං හිතන්නේ. ඔබේ පැතුම් ඉටු වේවා !!!!!!!!!!!!

  22. ගැන්ග්ස්ටර් says:

    මා ඔබ හඳුනා ගෙන නැත..නමුත් ඔබ ගැන ඇති කොමෙන්ට් හා පෝස්ට් වලින්ම නුඹ ගැන මට වටහා ගත හැක..ලොවේ අනිත්‍යය බව අපට පසක් කරමින් අපගෙන සමුගත් නුඹට නිවන්සුව පතමි…!!

  23. මිනිසත් කමක් නොහඳුනනා කුරිරු ලොවේ
    මිනිසෙකු මල නිසයි දුක මරණයට නොවේ

  24. arunishapiro says:

    කුමුදු පින්තුව 70 ගණන්වල මැද කාලයේ දී සිට වසර දහයක් පමණ සෑම ඉරිදාවකම පාහේ දැක තිබුණු මා නැවතත් ඔහු හමුවූයේ “තම තම නැණ පමණින්”ය. ඔහු ජීවිතය ජයගත් අසහාය පුද්ගලයෙකි. මිනිසුන් අතර සුහද හා සොඳුරු හදවතක් ඇත්තෙකු විය. ඔහුගේ නාමයෙන් ඔහු සේවය කළ අධ්‍යාපන ආයතනයේ ඉගෙන ගන්නා දරුවෙකුට මුදලින් ශිෂ්‍යත්වයක් ආරම්භ කිරීමට මම කැමැත්තෙමි. කුමුදු පින්තු නාමය සදා බැබලේවා!

  25. palaamalla says:

    මේ ලිපියට කලින් අදහසක් දක්වද්දි… මිනී මල් ගැන ඔබතුමා කියද්දි… අවසානය මෙතරම් ලඟයි කියා හිතුනෙ නැහ… ඔබතුමා කීවා වගේම…

    ” යමෙක් වයසට ගිහිල්ලා දුර්වල වෙලා අනෙක් අයට බරක් වෙලා දුක් විඳ විඳ ඉන්නවට වැඩිය හොඳ නැද්ද ඒ දුර්භාග්‍ය සමය එන්න ඉස්සර වෙලා චුත වෙන එක ? ”

    අපෙන් සමු ගත්තා…

    ඔබට නිවන් සුව ගුරු පියානෙනි.

  26. ආදරණීය ගුරු පියාණනි ඔබට නිවන් සුව

  27. ඔහු ගොඩක් මරණයට සූදනම් නිසා මරනය ඔහුට නම් සතුටක් වෙන්න ඇති……ඒත් සින්හල වෙබ් අවකාශයෙන් ඔහු හඳුනාගත් මට නම් ඔහු වැනි කෙනෙකුගේ නික්මයෑම වේදනාවක්….. සබන්බෝල බ්ලොග් අතර තිබූ හරවත් බ්ලොගක් නැති උනා….ඔහු සෝවාන් වේවා…තවත් ආත්ම හතක්වත් ඔබ වැනි අය අපට අවැසියි….

  28. Hasitha says:

    “තම තම නැණ පමණින්” බ්ලොග් අඩවියෙන් සිංහල බ්ලොග් අවකාශයට ඉමහත් මෙහෙවරක් ඉටුකළ අපෙන් සමුගත් කුමුදු පින්තු ගුරුතුමාට නිවන් සුව අත්වේවා !!!

    http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_26.html

  29. අන්තර්ජාලය තුළ සිංහල භෂාව සඳහා ඉඩක් ලබාගන්නට වෙහෙසෙන මේ කාලයේම ඔබතුමා අපගෙන් වෙන්යාම අපට මහත් පාඩුවක්. නමුත් මරණය ප්‍රමාද කරගන්නට අප කාටවත් නොහැක. නුමත් ඔබ ලියූ ලිපි word press වෙබ් අඩවිය සේවය සපයන තුරු නොමැකි පවතිනු ඇත. ඔබතුමාට අමා මහා නිවන් සැප ලැබේවා!

  30. RanDil says:

    “නුමත් ඔබ ලියූ ලිපි word press වෙබ් අඩවිය සේවය සපයන තුරු නොමැකි පවතිනු ඇත. ඔබතුමාට අමා මහා නිවන් සැප ලැබේවා!”

    මේ මෙහෙම කියලා නම් බැහැ. හෙට වර්ඩ් ප්‍රෙස් වැහුවොත් අපට මේ ලිපි නැති වෙනවා කියන එකද කියන්නේ? ඇයි අනේ මෙච්චර වැඩ දන්න අය ඉන්න එකේ මේ ලිපි ටික සංරක්ෂණය කරන්න බැරිද?

  31. HTtrack (free) හෝ Teleport Pro (not free) වැනි මෘදුකාංගයක් භාවිතයෙන් මේ අඩවියේ සැරිසැරිය හැකි (browsable) ලෝකල් කොපි එකක් හාඩ් එකේ හදාගන්න,. මං වගේ..

  32. ගීතික says:

    @ ලහිරු
    මෙහි කරුණු සංරක්ෂණය කිරීම ඉතා වැදගත්. මම බොහෝ වැදගත් ලිපි සේව් කරගෙන තියෙනවා.

  33. RanDil says:

    {මේ කොමෙන්ට් එක මට කෙනෙක් එවන ලද එකක් මගේ මේල් එඩ්රස් එකට. ඔහුට මෙය පල කරන්න අවැසි වුනත් ප්‍රථම වතාවට මේ බ්ලොග් අඩවියට ලියන නිසා ඔහුගේ කොමෙන්ට් පල නොවීමේ ප්‍රශ්නයක් තිබෙන බව පැවසුවා. ඉතිං මම මෙය පල කරමි.}

    පින්තූ sir ඉස්සෙල්ලම අපේ පන්තියට අවේ සති 4 කට practicale තහනම් කලා කියන්න , එහෙම කියල නිකන්ම අපහු ගියේ නැහැ. පැය දෙක තුනක් අපිට පැහැදිලි කලා අපි ඉන්නේ කොතනද කියලා…
    පස්සේ කාලෙක ඵතුමා මතුකරපු කාරණා මම කරපු පන්තිවලත් කිව්වා. එහෙම කියපු කාරණාවක් මුල් කරගෙන ළමයෙක් සමස්තලංකා තරගයකට ලියල තිබුනා. බොහොම විවාද මැද ඒ ලියමනට ප්‍රථම ස්ථානය හම්බ උනත් මුද්‍රණය කරන එක නැවත්තුවා. රටේ ලොකු තැනකට ඒ ළමයට එන්න කියලා ප්‍රශ්න කරලා තිබුනා කොහෙන්ද මුලික අදහස ලැබුනේ කියන එක ගැන.
    විශේෂ ස්තුතියට මගේ නම දාල තියෙන නිසා ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියලා දන්වනකොට තමය් මම එක ගැන දැනගත්තේ. . .

    ගිය සතියේ facebook request එකක් තියෙනවා දැකල මට පුදුම හිතුනා..මම කරන්න ඕනේ දේ sir කරපු නිසා. එත් මම සන්තෝෂ උන එතුමාට එක ගැන කියන්න හම්බවුන එක ගැන.
    අවාසනාවට මට එක ඵතුමට කියන්න බැරි උනා.. බ්ලොග් එක ගැන දැනගත්තේත් අද…
    නමුත් පොඩි සතුටක් තියෙනවා ඵතුමාගේ අදහස් ඉස්සරහට යන එක ගැන . ( ලොකු තැන්වලින් වාරණය වෙන එක තමයි දුක )
    පින්තූ sir ඔබගේ අදහස් හැමදාම ජීවමානයි. . . ඔබට නිවන් සුව..!

    OCS-Batch 25 සිසුවෙක්

  34. sanduni says:

    Mage Loku mama…still i cant realize you have left us….i’m still clueless..if u can feel the cold of the tears of our aththamma ( ur nanda) and if you know how much she suffers im andif u can understand she is going to suffer throughout her life time I’m sure u will come back again….Loneliness and silence tells us you have gone…im proud to have u as my uncle…i love u a lot….miss u a lot loku mame….may u attain nirvana.

  35. රවා says:

    ගුරුතුමා යම් දෙයක් ඉගෙනගත්තා. ඔබට ස්තුති. ඔබට නිවන් සුව පතනවා.

  36. ලක්මාල් says:

    මරණයට බිය නොවූ කුමුදු ලාල් පින්තු ගුරුපියාණන් ඉතාමත් යහපත් තැනක උපත ලබා ඇති බවට කිසිදු සැකයක් නැත. එතුමාණන් ‘කුමුදු ලාල් පින්තු’ ලෙස ගත කළ ජීවිතය අතිශය දුලභ ගණයේ එකකි. බුදු දහමට අනුව ජීවත් වෙමින්, සමාජය උදෙසා අති විශාල වැඩ කොටසක් කෙටි කාලයකින් කළ එතුමා සැබැවින්ම පූජනීය චරිතයකි.

    මෙලෙස පවසන මා කෙදිනකවත් පින්තු සර් ව සියැසින් දැක නැත.
    නමුත් මෙම බ්ලොග් අඩවිය තුලින් මා එම දුර්ලභ චරිතය හඳුනා ගත්තෙමි.

    එතුමාණන් හට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොට මේ අසාර වූ සසරින් එතෙර වීමට භාග්‍යය උදා වේවා යි ප්‍රාර්ථනා කරමි.

  37. හසිත says:

    ආදරණීය ගුරුපියානණී,
    ඔබට නිවන් සුව!!!

Leave a comment