වර්ණ සහිත Home Computers

මට කලින් ලිපියේ කියන්න බැරි වූ කාරණා කිහිපයක් තියෙනවා. එකක් තමයි, ඒ කාලෙ බොහොමයක් Home Computers සඳහා අපි තිරය හැටියට පාවිච්චි කළේ UHF සහිත ටෙලිවිෂන් යන්ත්‍ර. ඒ වාගෙම දත්ත ගබඩා කළේ සාමාන්‍ය කැසට්වල.

ඊළඟ වැදගත්ම කාරණේ Sinclair ZX 81 කියන කම්පියුටරයෙ වර්ණ තිබුණෙ නෑ. ඒක නිකම් කළු හා සුදු යන වර්ණ දෙකෙනුයි යමක් තිරයේ දැක්වූවෙ. හැබැයි ඊළඟට ආ Sinclair Spectrum කියන කම්පියුටරය නම් අපට එක් එක් වර්ණවලින් වැඩ කරන්නට අවකාශ ලබා දී තිබුණා.

Sinclair Spectrum

Sinclair Spectrum

ඉහත රූපයේ දැක්වෙන මෙම කම්පියුටරයෙ තිබුණෙ Membrane Keyboard එකක් නෙවෙයි. ඒ වෙනුවට පුංචි මකන කෑලි වාගෙ Keys ටිකක් මෙම Keyboard එකේ තිබුණා. මුලින්ම RAM එක 16K වුණත් පස්සෙ 32K, 64K යනාදී වශයෙන් ඉහළ මතකයන් සහිත කම්පියුටර බිහි වුණා.

ඒ කාලෙ Digitronics ආයතනයෙ හිටිය බොහෝම නිර්මාණශීලී කණ්ඩායමක්. හැම සතියෙම සෙනසුරාදා ඒ අය හමු වෙනකොට එක් එක් විෂයයන් සඳහා ඒ අය රූප හා සිංහල අකුරු සහිත පාඩම් නිර්මාණය කරල තිබුණා. ඒවා අතර භෞතික විද්‍යාවෙ චුම්බක, ආලෝකය (දර්පණ හා කාච) , රසායන විද්‍යාවෙ වායු නිෂ්පාදන හා ගණිතයෙ කුලක මට මතකයට නඟා ගන්න පුළුවන්.

This entry was posted in 06. පරිගණක අත්දැකීම්, සිංහල and tagged . Bookmark the permalink.

2 Responses to වර්ණ සහිත Home Computers

  1. danuka says:

    කොහොමද අප්පා මෙවගේ මැෂින් වලින් වැඩ කලේ…….(මේකෙ “සුදු” කියන එකට “සුධු” කියල ටයිප් වෙල තියෙන්නේ)

    • kumudupinto says:

      මට පේන්නෙ ඔබ මගෙ Comments වලට අදහස් පළ කරනවාට අමතරව මගෙ Proof Reader හැටියටත් වැඩ කරනවා වාගෙ. ඒකට බොහෝම ස්තුතියි. ඇත්තටම, හුඟාක් ගෙවල්වල අයට අතීතයෙදි Washing Machine නැතුව රෙදි හෝදපු හැටි, ගෑස් කුකර් නැතුව කෑම ඉව්ව හැටි අමතක වෙලා. ඒ වගේම තව පරම්පරාවකට දෙකකට පස්සෙ, මේවා ඒ උපකරණ නැතුව කළේ කොහොමද කියල පුදුම හිතෙයි. මේ සිද්ධියත් ඒ වගේමයි.

Leave a comment