අභ්‍යන්තර උපාධි හා බාහිර උපාධි

මම රාජ්‍ය විශ්ව විද්‍යාලයකින් අභ්‍යන්තර උපාධියක් ගත්ත කෙනෙක්. සාමාන්‍යයෙන් අභ්‍යන්තර උපාධියක හැලෙන ප්‍රතිශතය සියයට එකකටත් අඩුයි අපි කරන කාලෙ. දැනටත් ඒ ප්‍රතිශතයෙ ලොකු වෙනසක් වෙලා තියෙන්න බෑ.

මම මේ සංසිද්ධිය උපමා කරන්නෙ තොටළඟ තොරණට. තොටළඟ තොරණ හදන්නෙ සාමාන්‍යයෙන් ටිකාක් ඇතුළට වෙන්නයි. ඒ පාරෙ ඒ තොරණ බලන්න ඇතුල් වුණහම ආයෙත් හැරෙන්න බෑ. හැරෙන්න පාරකුත් නෑ, එළියට එන පාර ඇරුණහම. තල්ලුවටයි තෙරපිල්ලටයි ඉබේම තොරණ දිහාවට ඇදිල තල්ලු වෙලා යනව. මේ එක්කම ලවුඩ්ස්පීකරයෙන් තොරණෙ කතා වස්තුව ඇහෙනව. කොයි කොටුවෙන් පටන් ගත්තත් තල්ලු වෙලා තල්ලු වෙලා තොරණ ළඟට යනකොට මුළු කතාවම ඇහිලා ඉවරයි. අභ්‍යන්තර උපාධියත් මේ වගේමයි.

ඒත් බාහිර උපාධිවල තත්ත්වය වෙනස්. අහන අහන බාහිර උපාධිවල සමත් වීමේ ප්‍රතිශතය හොඳටෝම අඩුයි. ඒක CIMA වුණත්, Charted වුණත් Open වුණත් මොකක් වුණත් කතාව එහෙමමයි.

මේ සියළුම බාහිර උපාධි අතුරින් වැඩිම සමත් වීමේ ප්‍රතිශතය තියෙන්නෙ Colombo BIT වලට කියලයි ආරංචිය. ගිය අවුරුද්දෙ ඒ කියන්නෙ 2009 දී පළමු වසරෙ ප්‍රතිඵලය මුළු රටේම 70% වෙනකොට ඉහළින්ම ඉන්න අපේ ආයතනය 88% ක් අරගෙන.

අපි මුලින්ම මුල් තැන ගත්ත, Colombo BIT වල මුල්ම අවුරුද්දෙ ඒ කියන්නෙ 2001 කේ ප්‍රතිඵල එක්ක සසඳන කොට ලොකු ප්‍රගතියක්. මේක ඇත්තටම ආඩම්බර වෙන්න ඕනෙ කාරණයක් නේද ?

This entry was posted in 15. අපේ ආයතනය, සිංහල. Bookmark the permalink.

8 Responses to අභ්‍යන්තර උපාධි හා බාහිර උපාධි

  1. චරිත says:

    මම 2001 දී BIt වලට OpenArc එකේදි සර් ගෙන් ඉගෙන ගත්තා. සර් අපිට ඉගැන්නුවෙ PC Application. මට ඒකට B එකක් තියෙනවා.

  2. Bandaraya says:

    මමත් මේ සැරේ බාහිර උපාධිය කරනවා ජ.පුරේ. ඇත්තටම බාහිර කරන්න අමාරුද… ? ඔබ තුමා අපිව බය කරන්නනෙ හදන්නෙ….

    • kumudupinto says:

      අමාරුකම නෙවෙයි. හුඟාක් බාහිර උපාධි කරන අය කසාද දෙක තුනක් කරගෙන. එක කසාදයක් විතරක් කරගෙන තියෙන අයට අමාරු නෑ. කාලය ගත කරන්න තියෙන්නෙ එක පවුලක් එක්ක විතරනෙ.

    • මුදිතා says:

      බාහිර උපාධි කරන එක අමරුයි කියලා නෙවෙයි අපේ සර් කියන්නේ. අභ්‍යන්තර උපාධි කරන්න විශ්ව විද්‍යාලයට ඇතුලු වෙන්න සුදුසුකම් ලබන්න බැරි වුන, ඒත් අධ්‍යාපනය දිගටම කරගෙන යන්න උවමනාව තියන අයට ඒක ලොකු අවස්ථාවක්. මමත් එහෙම කෙනෙක්. ඒවායින් සමත් වෙන ප්‍රතිශතය අඩු නිසා ඇත්තටම ඒවායේ වටිනාකම බොහොම ඉහළයි. මට මගේ බාහිර උපාධියට ඉගෙන ගනිද්දී උසස් පෙළට මහන්සි උන තරම්වත් පීඩනයක් දැනුනේ නෑ. කැපවීමයි, උනන්දුවයි, අධිෂ්ඨානයයි තියනවනම් ඒක අමාරු නෑ…

  3. kumudupinto says:

    අභ්‍යන්තර උපාධි කරන අයට වැදගත ම දේ තමයි කුප්පි. ඒ කියන්නෙ පුළුවන් කෙනෙක් බැරි අයට කියල දෙනවා. ලෙක්චරස්ලගෙන් ගන්නවට වඩා ලේසියි දැනුම කුප්පිවලින් ගන්න එක. ඒත් හුඟාක් වෙලාවට බාහිර උපාධි කරන අය අතර එහෙම බැඳීමක් නෑ. එතකොට තමයි අමාරුකම දැනෙන්නෙ. තනියම එපායැ සිරීපාදෙ නඟින්න.

    • මුදිතා says:

      සර් දන්නවනේ, OpenArc weekday batch එකකින් ඒ බාහිර උපාධියට සූදානම් වෙන්න පටන් ගත්ත අපිට ඒ අත්දැකීමත් ලැබුණා. අපි මුළු batch එකම සිරීපාදේ නගින්න ගත්තා, ගොඩ දෙනෙක් හතියක් නැතුවම මුදුණට නැගගත්තා, එක එක වෙලාවල් වලට හැබැයි. ටික දෙනෙක් මගින් හැරිලා සිරීපාදේ බැහැලා වෙන කඳු නගින්න තීරණය කළා. ඒත් ඒ මුලදි ලැබිච්ච පන්නරය නිසාම දැන් එයාලත් හොඳ තැන් වල ඉන්නවා.

      • kumudupinto says:

        ඔව. මං දන්න විදියට වෙන හුඟාක් ආයතනවල ඔය අත්දැකීම ලැබෙන්නෙ නෑ. සිසුන් එකිනෙකාට ආගන්තුකයි. ඒක බාහිර උපාධියක ඇති පාඩුවක්.

    • Wathsala Vithanage says:

      Hmm… But Tigers are solitary hunters. I imagined myself as a Royal Bengali Tiger (not those two legged ones ended their lives at Nandikadal) until some self awakening series of events that took place recently. There are times that even a Royal Bengali Tiger cannot help himself to get rid of disastrous situations without compassion of others, especially when it comes to all sorts of ill-fortunes created by his ego and prejudice. But even after such situations these Tigers find it difficult to seek compassion of others, but they will at least lose their ego and prejudice.

Leave a comment