“නිරුවත් වානරයා” හා “මනු සත් උයන”

ආචාර්ය ඩෙස්මන්ඩ මොරිස් මීට දශක කිහිපයකට පෙර මහත් ආන්දෝලනයකට තුඩු දුන් පොත් දෙකක් ලිව්වා. ඒ “Naked Ape” හා “The Human Zoo”. මේ පොත් දෙක අපේ විශිෂ්ට පරිවර්තකයකු වූ එස්. එම් බන්දුසීල මහතා පරිවර්තනය කළා “නිරුවත් වානරයා” හා “මනු සත් උයන” නමින්. එක් Comment එකක “නිරුවත් වානරයා” පොත යැයි සඳහන් කළත් ඒ “මනු සත් උයන”.

“නිරුවත් වානරයා” කියන්නෙ මිනිසාගේ කායික පරිනාමය ගැන ලියැවුණු අති විශිෂ්ඨ ග්‍රන්ථයක්. ඒත් ජීව විද්‍යාව විෂයයක් වශයෙන් නොකළ කෙනෙක්ට ගන්න පුළුවන් රසය හා අවබෝධය සීමිතයි. නමුත් “මනු සත් උයන” කියන්නෙ මිනිසාගේ මනස පරිනාමය වූ හැටි කියන අපූරු පොතක්.

“මනු සත් උයන” කියන පොතේ හැටියට මිනිසාගේ චර්යාව සමාන වෙන්නෙ කැලේ ඉන්න වානරයෙකුට වඩා සත්වෝද්‍යානයක ඉනා වානරයෙකුටයි. උදාහරණ සහිතව ආචාර්ය මොරිස් මෙය ඔප්පු කරන විට කියවන්නාට ආත්මානුකම්පාවක් ඇතිවීම පුදුමයක් නොවෙයි.

මේ පොතේ කියලා තියෙනවා කාන්තාවන් ඉතා තද රතු පැහැයෙන් නිය හා තොල් සායම් කිරීමට පරිනාමීය හේතුව. පොත හොයාගෙන කියවලාම ඒ මොකක්දැයි තේරුම් ගන්න. එය තේරුම් ගත් දිනයේ පටන් කාන්තාවන් අවශ්‍ය නම් තම සමේ පැහැයෙන් නිය හා තොල් ආලේප කළත් ඉන් එහාට නොයන බවට නම් සැකයක් නැහැ.

ඒ පොතේ තිබුණාදැයි හරියටම මතක නැහැ. ඒත් එයින් මට හොඳටම තේරුම් ගියා යමෙක් සිගරට් බොන්නේ ඇයි ද කියා. එයත් (වි)පරිනාමීය හේතුවක්. ඉතින් ඒ කාලෙ පන්ති කරන කොට ඔය පොත් ගැනත් තොල් සායම් හා සිගරැට් බීම ගැනත් කියා ඒ පරිනාමයට පත් නොවූ හේතු බව පැහැදිලි කළා. මතක තියා ගන්න මේවා ආචාර්ය ඩෙස්මන්ඩ් මොරිස් මහතාගේ අදහස් හා මතවාද බවට.

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

5 Responses to “නිරුවත් වානරයා” හා “මනු සත් උයන”

  1. දුමී says:

    ආදරණීය සර්, ඔබ පොස්ට් කරන වේගයනම් අදහ ගන්නත් බැහැ 🙂 . අපිට හැමදාම ඔබගේ පංතිය රස සාගරයක් වගේම විශ්වකෝෂයක් උනා. ඇවුරුදු දාසයකට, දහතකට පස්සෙ උනත් ඒ පාඩම් සහ සංවාද තාමත් නැවුම්ව මතකයේ රැඳී තියෙනවා !
    ඔබට මතකද ඔබ අපිට ඉගන්නුව වාහන වල නම්බර් ප්ලේට් එකතු කරන හැටි සහ එයින් එකතු කිරීමේ හැකියව දියුණු කරගන්න හැටි. මම තවම ඒක කරනවා, ඒ වගේම මගෙ දරුවන්ටත් ඒක උගන්වල තියෙනව.

  2. Pinto Sir,

    I was trying to contact you, but dahas gananak lamaynta ugannapu nisa sirta mawa namen nichchiyak nathuwa athi. Ekata tikak withara hithata duk wunata I do have three beautiful memories from OpenArc class which I would like to share with you.

    First one is, you asked three questions from the class, if anybody could answer it, you told you’ll give the chance to choose any book from your library. My memory is vivid on this, those three questions were,

    1. Come with values for x, y and z, where x^3 + y^3 = z^3.
    2. How to divide an angle in to three.
    3. Come up with a geometrical shape on which you can paint the surface both sides without crossing the border.

    I came up with answers to 1 and 2. There are no answers actually. According the Fermat’s last theorem, there are no integer solutions for x^n + y^n = z^n when n>2. From my old memory which you stamped on me, without Googling one more time, I could remember, it was by 1994, by Andrew Wells only this has been proven. When I was speaking in layman’s word, you asked me to speak more mathematically. Second answer was you can’t divide an angle in to three, but you said, some student in Sri Lanka was trying to come up with a solution. Then the third one, is the only one which kept me from steeling a book from your library. You showed us the shape in the class.

    Then, one day, I was arguing with you on the topic “Writing a Software Installation which can’t be pirated by simply copying the CD”. When I said, rather than matching a string, if (serial_key== “foo”), if we match like if(serial_key==f(s)), where s is almost unique for a CD, we can prevent pirating for a certain extent. There is a good ‘s’, which is the serial key of a CD, which is shown when we are giving dir command on a storage device. I can still remember, we argued on this for 5-10 minutes. I told “Sir, I’ll implement this and will come and show you”, then you told, “If you a male, show me your solution within three weeks”. I couldn’t come up with three weeks, I took some time and then I showed the Proof of Concept with floppy disks. And you told the class that I came up with a solution.

    Then, you told, you are thinking whether to teach us or not the equations for 2D projection of 3D rotation on all three axes. Even before you teaching, I came up with rotation around y axis. It is not by your equations. I was simply drawn two ellipses and divided those in to six. When rotating these ellipses and respective lines joined, it looked like a rotating Wesak lantern. I could still remember that moment, and then you taught us those 2D projection equations.

    Unfortunately, we spoke of too much mathematics in the Diploma class, where it was not the expectation of the majority. One day you came to class and said you took more modules to us than others since you were motivated by some students int he class who are grasping some mathematical stuffs. And you are learning more mathematics those days, the Matlab software, so naturally more stuff may have flown from you. You said the analogy of “Eating chocolate ice-creams will make you fed up of them”, so this may also be like it. You were about to cry that day since your students couldn’t grasp you what you said, I could still remember.

    I wish you best in health and strength always.

    Regards,
    Azmil Macksood

  3. ඔය ග්‍රන්ථ දෙක මාර විද්‍යාත්මක රටාවකින් ලියවිලා තියනව….මොනාහරි දෙයක් ගැන ලියන්න අපි කොයි තරම් ගැඹුරට හිතන්න ඕනිද කියල මට හිතුන…..oya potha kiyewwahama

Leave a comment