IBM ආයතනය දෙවෙනි තැනට වැටෙයි

මේත් ආතර් සී. ක්ලාක් මහත්තයගෙ 2011 පොතෙන් උපුටා ගත් කොටසක්.

මේ අසාමාන්‍ය ගත්කතුවරයගෙ 2001 පොතේ ඉන්නව අපූරු පරිගණකයක්. මේ පරිගණකයෙ නම HAL. මෙයට මිනිසුන් කරන බොහෝ වැඩ කරන්න පුළුවන්. ඩේවිඩ් බෝමන් හා තවත් සදෙනෙකු රැගෙන ඈත ලෝකයකට යන යානය සම්පූර්ණයෙන් පාලනය කළේ මේ පරිගණකයයි.

මේ පරිගණකය තුළ එක්තරා රහසක් සඟවා තිබෙනවා. ඒ රහස රැකීම සඳහාම අනෙක් සදෙනාවම මරණයට පත් කළ මේ පරිගණකයට ඩේවිඩ් බෝමන්ව එසේ මරා දමන්නට හැකි වන්නේ නෑ. බෝමන් කෙසේ හෝ මේ පරිගණකය අක්‍රිය කරනවා.

ඊළඟට අපට මේ පරිගණකය ගැන නැවත හමු වන්නේ 2011 පොතෙන්. මෙහිදී යමෙක් මේ පරිගණකය නිර්මාණය කළ ඉන්දීය විද්‍යාඥයාගෙන් විමසන්නේ මේ පරිගණකයේ නම HAL වූයේ කෙසේද යන්න ගැනයි.ඔහුගේ පිළිතුර වුයේ HAL යනු IBM වලට වඩා එක් පියවරක් ඉදිරියෙන් සිටින්නෙක් (HAL is one steo ahead of IBM) යනුවෙනුයි.

එය මේ විද්‍යාඥයා විස්තර කළේ මෙසේයි. “H යනු I වලට කලින් ඇති අකුරයි. A යනු B වලට කලින් ඇති අකුරයි එසේම L යනු M වලට කලින් ඇති අකුරයි. එබැවින් HAL යනු IBM වලට එක් පියවරක් ඉදිරියෙන් සිටින්නෙක් ! ! ”

This entry was posted in 13. නිර්මාණයක රස විඳීම, සිංහල. Bookmark the permalink.

13 Responses to IBM ආයතනය දෙවෙනි තැනට වැටෙයි

  1. ඔයිට වඩා ඉදිරියට යන්න බැරිව ඇති නේද?
    මොකද A ට කලින් අකුරක් නැහැනෙ

  2. kumaraya says:

    මම ඔය පොත කියවල තිබුණට හල් කියන එකේ තේරුම දැන ගත්තෙ අදයි.

    • kumudupinto says:

      HAL කියන වචනයට වෙනත් තේරුමක් ඒ පොතේ තියෙනවා. කතාවෙ හැටියට මේක HAL හදපු විද්‍යාඥයා කළ විහිළුවක්.

  3. pallamalla says:

    සෑහෙන ඉස්සර කියවපු පොතක්. ආසයි ආයෙම කියවන්නත්… 2011 ට පස්සෙත් ආව නේද එකක්..

    • kumudupinto says:

      එකක් නෙවෙයි දෙකක්. ඔක්කොම පොත් හතරයි. 2001, 2010, 2061 හා 3001. හැබැයි 3001 නම් තවම සිංහලට හැරවුණේ නැහැ කියලයි මං හිතන්නෙ.

  4. 3001ත් සිංහලෙන් තියෙනවා. මම අවුරුදු 3,4 කට කලින් කලින් අරගත්තා
    හැබැයි ළඟදිනම් පොත් කඩවල් වල දැක්කෙ නෑ. අලුතෙන් මුද්‍රණය වෙන්නෙ නැද්ද මන්දා ?

  5. hare says:

    3001 විතරක් නෙවෙයි, ඔය පොත් ලැයිස්තුවෙම අළුත් මුදූණයක් තියෙනවා. පහුගිය වතාවෙ කොළඹ පොත් ප්‍රදර්ශනේදි මම ගත්තා…

  6. V says:

    Mama A/L karaddi mage mulu poth collection akama podi akekuta dunna kiyawala parissam karala denna kiyala.Anthimata mata hamba une akama aka pothai.

    A Sinhala english dic aka witharai

    • kumudupinto says:

      “ජීවිතේ ලස්සණයි” ටෙලි නාට්‍යයේ එක් තැනක ඕකට හොඳ ශ්ලෝකයක් කිව්වා එක්තරා නළුවෙක්.

  7. මට හිතුනෙ HAL කියන්නෙ IBM– කියල.

Leave a reply to hare Cancel reply