සිංහල විකිපීඩියා හි නව ලිපියක් ඇතුළු කරන හැටි

si.wikipedia.org යන නම ටයිප් කර සිංහල විකිපීඩියා වලට යන්න. ඉන්පසු ගිණුමක් තනා ගන්න. ඉන්පසු ඔබට ඇත්තේ ඔබට ඇතුළු කිරීමට අවශ්‍ය ලිපියේ මාතෘකාව සෙවීමයි. එම ලිපිය එහි නොමැති නම් ඔබ නව ලිපියක් අරඹන්නේදැයි ප්‍රශ්ණයක් අසාවි. එය පිළි ගෙන ලිපිය ටයිප් කර save කරන්න.

එම ලිපියට මාතෘකා කිහිපයක් ඇතැයි සිතන්න. උදාහරණ වශයෙන් නෙළුම් මලටම පියුම් හෝ පද්ම යැයි කියනු ලැබේ. මෙවැන් අවස්ථාවකදී ඔබ නෙළුම් මල යනුවෙන් ලිපියක් අරඹන්න. (මවිසින් මේ ලිපිය දැනටම ඇතුල් කර ඇත.) ඉන්පසු පියුම් නමින් සොයන්න. ඒ සඳහා නව පිටුවක් තනා #redirect[[නෙළුම් මල]] යන්න පමණක් එහි ඇතුළු කර save කරන්න.

ඔබගේ ලිපියේ ලක්ෂණ නමින් දෙවන මට්ටමේ උප මාතෘකාවක් ඇතැයි සිතන්න. එය ටයිප් කළ යුත්තේ ==ලක්ෂණ== යනුවෙනි. එය තුන්වන මට්ටමේ උප මාතෘකාවක් නම් එය ===ලක්ෂණ=== යනුවෙන් ටයිප් කළ යුතුය. (පළමු මට්ටමේ මාතෘකාව යනු ඔබගේ ලිපියේ ප්‍රධාන මාතෘකාවයි.)

ඉංග්‍රීසි භාෂාවෙන් ඇති ලිපියකට ගොස් එය සංස්කරණය කිරීම මඟින් ඔබට භාවිතා කළ හැකි නොයෙක් උපක්‍රම ඉගෙන ගාත හැකි වනු ඇත. ඔබට රූපයක් උඩුගත කිරීමට නම් ඔබගේ ගිණුම අරඹා යම්කිසි දින ගණනක් පසු විය යුතු වීම ද ඔබ යම්කිසි ලිපි ප්‍රමාණයක් අළුතෙන් ඇතුළු කිරීම ද මා දන්නා තරමින් අවශ්‍යය.

This entry was posted in 22. සිංහල සයිබර් අවකාශය, සිංහල. Bookmark the permalink.

2 Responses to සිංහල විකිපීඩියා හි නව ලිපියක් ඇතුළු කරන හැටි

  1. Thanks for guiding to Sinhala Wiki!

  2. Hasitha says:

    බොහොම ස්තුතියි ලබාදීපු උපදෙස්වලට. මම උත්සාහ කරලා බලන්නම් 🙂

Leave a comment